මහනුවර
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයකි. / From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, මහනුවර (බහුරුත්හරණය) බලන්න.
මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.[තහවුරු කර නොමැත]
Quick Facts මහනුවර Kandy සෙංකඩගල கண்டி, රට ...
මහනුවර Kandy සෙංකඩගල கண்டி | |
---|---|
නුවර වැවේ දසුනක් | |
උද්යෝග පාඨය(න්): ආදරය හා මිත්‍රත්වය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | මහනුවර දිස්ත්‍රික්කය |
සෙංකඩගලපුර | ~1480 |
මහනුවර මහනගර සභාව | 1865 |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | මහේන්ද්‍ර රත්වත්තේ[1] |
ජනගහණය(2001) | |
• මුළු | 110,049 |
• ඝණත්වය | 57/කිමී2 (150/වර්ග සැත) |
[2] | |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව[3] (UTC+5:30) |
• ගිම්හානය (DST) | ගිම්හාන වේලාව (UTC+6) |
වෙබ් අඩවිය | http://kandy.mc.gov.lk/ |
Close