බොක්සර් බ්‍රීෆ්
From Wikipedia, the free encyclopedia
බොක්සර් යට කලිසම් (හෙවත් තද බොක්සර්) යනුවෙන් හැඳින්වෙන්නේ දෙමුහුම් පිරිමි යටඇඳුම් ප්‍රභේදයක් වන අතර, ඒවා බොක්සර් කොට කලිසම් මෙන් දිගු පාද සහිත වුව ද, බ්‍රීෆ් යටකලිසම් මෙන් සිරුරට තදවී පවතියි. නිෂ්පාදකයා අනුව පදනම්ව මේවා බොක්සර්බ්රීෆ් යන තනි වචනයෙන් ද හැඳින්විය හැක. ඇතැම් අවස්ථාවල දී මෙය එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව තුළ "ට්‍රන්ක්" ලෙස හඳුන්වයි.[1]
බොක්සර් යට කලිසම් නිර්මාණය සඳහා පුරෝගාමී වූයේ නිර්මාණ ශීල්පී ජෝන් වර්වේටස් විසින් 1990–1995 කාලයේ කැල්වින් ක්ලයින්හි පිරිමි ඇඳුම් නිර්මාණ අංශයේ ප්‍රධානියාව සිටි සමයේ ය.[2] 1992 වර්ෂයේ මාක් "මාර්කි මාර්ක්" වොහ්ල්බර්ග් පෙනී සිටි මුද්‍රිත දැන්වීම් මාලාව ඔස්සේ මෙය ජනප්‍රිය විය.[2][3] ඔවුන් එය හැඳින්වූයේ "සියවසේ ඇඟලුම් ක්ෂේත්රයේ විශිෂ්ඨ විප්ලවයක්" ලෙසයි.[2] Of their creation Varvatos said in 2010, "We just cut off a pair of long johns and thought, this could be cool..."[2]