බෙන්ජමින්
From Wikipedia, the free encyclopedia
බෙන්ජමින් (හෙබ්‍රෙව්: בִּנְיָמִין, සම්මතය Binyamin ටයිබේරියානු Binyāmîn) වනාහී යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාමීය සම්ප්රදාය ප්‍රකාර ජාකොබ්ගේ පුතුන් දොළොස්දෙනා අතුරින් අවසානයට උපන් තැනැත්තේ සහ, රාකෙල්ගේ දෙවන හා අවසන් පුත්‍රයාද විය. ඊශ්‍රායෙලීය බෙන්ජමින් ගෝත්රෙයහි ප්රාරම්භකයාද විය. බයිබලයෙහි එන විස්තරය අනුව, රාකෙල්ගේ පළමු පුත්‍රයා ජෝසප් මෙන් නොව, බෙන්ජමින් උපන්නේ කනාන් හීය. ක්‍රිපූ 1443 දී මාචෙස්වන් මාසයේ 11වනදා (ඔහුගේ උපන්දිනයද මෙදිනමය) 111 වියැතිව ඔහු ඊජිප්තුවෙහිදී මිය ගියේය.[උපහරණ ඇවැසිය]. ශුද්ධ කුරානයෙහි, බෙන්ජමින් යහපත් කුඩා දරුවා ලෙසට හැඳින්වෙන්නේ, අනෙකුත් වැඩිමහළු සහෝදරයන් ජෝසප්ට එරෙහිව කුමන්ත්‍රණ කරද්දී ඔහු පමණක් ජාකොබ් සමග සිටීම නිසාවෙනි.