![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/75/Boris_Nemtsov_2014.jpg/640px-Boris_Nemtsov_2014.jpg&w=640&q=50)
බරීස් නිම්සෝෆ්
From Wikipedia, the free encyclopedia
බරීස් යිෆිමරීච් නිම්සෝෆ් (රුසියානු: Бори́с Ефи́мович Немцо́в රුසියානු උච්චාරණය: [bɐˈrʲis jɪˈfʲiməvʲɪtɕ nʲɪmˈtsof]; 9 ඔක්තොම්බර් 1959 – 27 පෙබරවාරි 2015) යනු, රුසියානු විද්‍යාඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ලිබරල් දේශපාලනඥයෙක් විය. 1990 ගණන් වලදී ජනාධිපති බොරීස් යෙල්ට්සින් යටතේ සාර්ථක දේශපාලන අභිවෘත්තියක නියැලී සිටි ඔහු , 2000 වසරෙහි පටන් ව්ලැඩීමිර් පූටින් නොවළහා විවේචනය කලේය. මොස්කව්හී ක්‍රෙම්ලිනය සහ රතු චතුරස්‍රය අසබඩ පාලමක් මතදී, 2015 පෙබරවාරියේදී ඔහු වෙඩිතබා මරා දැමිණි. [2]
මෙම ලිපිය බෙහෙවින් සංස්කරණය කරනු ලබනු ඇත්තේ එහි විෂය කරුණ මෑතකදී මිය ගිය බැවිණි. මෙම මරණය හා සම්බන්ධ තොරතුරු හා සබැඳි සිද්ධීන් විගසින් වෙනස් විය හැක්කේ, තවත් තොරතුරු එළි දැක්වෙමින් බවතින නිසාවෙනි. මුල් පුවත් වාර්තා අවිශ්වස්ය විය හැකි අතර, මෙම ලිපිය සඳහා වන අවසන් යාවත්කාලයන් විසින් වඩාත් මෑත තොරතුරු හුවා දක්වනු නොවිය හැකිය. |
රුසියානු භාෂා විකිපීඩියාවෙහි මෙම ලිපියට අනුරූප ලිපියේ අන්තර්ගත පෙළ පරිවර්තනය කිරීමෙන්, මෙම ලිපිය පුළුල් කල හැක. (2015 මාර්තු) පරිවර්තනයේ දී වැදගත් විය හැකි උපදෙස් සඳහා [විදහන්න] ක්ලික් කරන්න.
|
Борис Немцов | |
![]() නිම්සෝෆ් 2013 වසරෙහිදී | |
රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා | |
---|---|
තනතුර දරමින් 28 අප්‍රේල් 1998 – 28 අගෝස්තු 1998 | |
ජනාධිපතිවරයා | බොරිස් යෙල්ට්සින් |
අග්‍රාමාත්‍යවරයා | සර්ගී කිරියන්කො වික්තර් චර්නමර්චන් (වැඩ බලන) |
රුසියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා | |
තනතුර දරමින් 17 මාර්තු 1997 – 28 අප්‍රේල් 1998 සේවය කිරීම සහයෝගයෙන් අනොටෝලි චුබායිස් | |
ජනාධිපතිවරයා | බොරිස් යෙල්ට්සින් |
අග්‍රාමාත්‍යවරයා | වික්තර් චර්නමර්චන් |
පූර්වප්‍රාප්තිකයා | ව්ලැඩීමිර් පූටින් ඇලෙක්සි බොල්ෂාකොෆ් වික්තර් ඉලියූෂන් |
අනුප්‍රාප්තිකයා | යූරි මසිපියුකෝෆ් වඩීම් ගූස්ටෆ් |
පුද්ගලික තොරතුරු | |
උපත | බරීස් යිෆිමරීච් නිම්සෝෆ් 9 ඔක්තෝබර් 1959(1959-10-09) සෝචි, රුසියානු සෝසසස, සෝවියට් සංගමය |
විපත | 27 February 2015(2015-02-27) (වයස 55) මොස්කව්, රුසියාව |
දේශපාලන පක්ෂය | යූනියන් ඔෆ් රයිට් ෆෝර්සර්ස් (1999–2008) සෙලිඩාර්නෙස්ට් (2008 වසරෙහි සිට) පීඒආර්එන්ඒඑස් (2010–12) රිපබ්ලිකන් පාටි ඔෆ් රෂියා– පීඒආර්එන්ඒඑස් (2012 වසරෙහි සිට) |
Awards | ඕඩර් "ෆො මෙරිට් ටු ද ෆාදර්ලන්ඩ්" පදක්කම (දෙවන මට්ටම, 1995); ඕඩර් ඔෆ් ප්‍රින්ස් යොරස්ලාව් ද වයිස් (පස්වන මට්ටම, 2006) [1] |
රුසියානු ආර්ථිකයට ධනවාදය හඳුන්වාදීමේදී නිම්සෝෆ් ඉතා වැදගත් චරිතයක් විය.[3]ඝාතනය සිදු වන විට, නිම්සෝෆ් මොස්කව්හී සිටියේ, යුක්රේනයේ යුද්ධයට රුසියාව සම්බන්ධ වීමට සහ ආර්ථික අර්බුදයට එරෙහිව රැළියක් සංවිධානය කිරීමට සහාය වීමටය. ව්ලැඩීමිර් පූටින්ගේ රජය හා සමගින් නිම්සෝෆ්ගේ ගැටුමට හේතු වශයෙන් තිබුණේ, සෝචි ඔලිම්පික් තරග වලට පෙරාතුව, පුළුල් ලෙසින් මුදල් වංචා කිරීම සහ ලාභ උපැයීම මෙන්ම, යුක්රේනය පිළිබඳ ප්‍රතිපත්තිය විය.[4] ඔහුගේ මරණයට පෙර සති කිහිපය තුලදී, රුසියානු ජනාධිපති ව්ලැඩීමිර් පූටින් විසින් ඔහු මරාදැමීම සකසනු ඇති බවට නිම්සෝෆ් බිය පල කලේය. [5][6] පසුපසින් එල්ල කල වෙඩි පහර සතරකට ඔහු ගොදුරු විය. ක්‍රෙම්ලිනය සහ ආලෝකවත් ශාන්ත බැසිල්ගේ ආසන දෙව්මැදුර පසුබිමෙහි පවතින පරිදී ඔහුගේ දේහය "අහම්බෙන් හෝ අරමුණු සහිතව හෝ නාට්යානුකාර ලෙසින් හොවා ඇති අයුරු" විස්මයජනක පුවත් ඡායාරූපයකින් දැක්වුණි. [7]
නිම්සෝෆ්ගේ මරණයට සිදුවන විට, 2013 වසරෙහි සිට යරොස්ලව්ස්ක්යා ඔබ්ලාස්ටයෙහි ප්‍රාදේශීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙසින්, ආර්පීආර්-පීඒආර්එන්ඒඒස් හි සම-සභාපතිත්වයක් දරමින්, යුරෝපියානු ලිබරල් -ප්රජාතන්ත්රවාදී සන්ධානයෙහි සාමාජිකයෙක් ලෙසින් සහ, සෙලිඩාර්නෙස්ට් විපක්ෂ ව්‍යාපාරයෙහි නායකයෙකු ලෙසින් ඔහු ක්‍රියාකරමින් සිටියේය.
නිම්සෝෆ්, නිෂ්නි නොව්ගර්ඩ් ඔබ්ලාස්ටයෙහි පළමු ආණ්ඩුකාරවරයා (1991–97) විය. ඉන්පසුව, ඉන්ධන සහ බලශක්ති අමාත්‍යවරයා (1997), රුසියාවේ උප අග්‍රාමාත්‍යවරයා සහ 1997 සිට 1998 දක්වා ආරක්ෂක මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් රුසියානු රජය සඳහා ඔහු සේවය කලේය. 1998 වසරෙහිදී, යං රෂියා ව්‍යාපාරය ඔහු විසින් ආරම්භ කරන ලදි. 1998 වසරෙහිදී, රයිට් කෝස් (1998) නමැති සභාග කණ්ඩායමෙහි සමාරම්භකයෙක් වූ ඔහු, 1999 වසරෙහිදී, පළමුව මැතිවරණමය කාණ්ඩයක් සහ අත්‍යන්තයේ දේශපාලන පක්ෂයක්වූ, යූනියන් ඔෆ් රයිට් ෆෝර්සර්ස් සම-සංස්ථාපනය කිරීමට දායකත්වය සැපයීය. රුසියානු පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහු කිහිප වතාවක් තේරී පත්වී ඇත. මහජන නියෝජිතයන්ගේ කොංග්‍රසයෙහි (1990), ෆෙඩරේෂන් කවුන්සිලයෙහි (1993–1997) සහ රාජ්‍ය ඩූමාවෙහි (1999–2003) නිම්සෝෆ් මන්ත්‍රීවරයෙක් විය. රාජ්‍ය ඩූමාවෙහි උප කතානායකවරයෙක් සහ යූනියන් ඔෆ් රයිට් ෆෝර්සර්ස් පාර්ලිමේන්තු කණ්ඩායමෙහි නායකයාද ලෙසින් ඔහු ක්‍රියා කර ඇත. 2008 වසරෙහිදී යූනියන් ඔෆ් රයිට් ෆෝර්සර්ස් හී බිඳීම සමගින්, ඔහු විසින් සෙලිඩාර්නෙස්ට් සමාරම්භ කෙරිණි. 2010 වසරෙහිදී ඔහු විසින් පීපල්ස් ෆ්‍රීඩම් පාටි "ෆෝ රෂියා විත්අවුට් ලෝලස්නස් ඇන්ඩ් කරප්ෂන්" සභාගය සමසංස්ථාපන කරන ලද අතර, එය දේශපාලන පක්ෂයක් ලෙසින් ලියාපදිංචිය සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන, රිපබ්ලිකන් පාටි ඔෆ් රෂියා – පීපල්ස් ෆ්‍රීඩම් පාටි (ආර්පීආර්-පීඒආර්එන්ඒඑස්) හී සම-සභාපතිත්වය, 2012 මුල් භාගයෙහි සිට නිම්සෝෆ් විසින් දරන ලදි. [8][9]
ඔහු විසින් ලියැවුනු ප්‍රකාශන කිහිපයක් විසින්, පුටින් පරිපාලනය විවේචනය කෙරුණු අතර, විමතිකයන්ගේ පෙළපාළි, ස්ට්‍රැටර්ජි-31 සිවිල් ක්‍රියාකාරකම් සහ "සාධාරණ මැතිවරණ සඳහා" රැළි යනාදියේ ඔහු සක්‍රීය සංවිධායකයෙක් මෙන්ම සහභාගියෙක්ද විය.