බදුල්ල
From Wikipedia, the free encyclopedia
ඌව පලාතේ අගනගරය වන බදුල්ල ශ්‍රි ලංකාවේ පිහිටා ඇත. මහනුවරට ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය. පසුව මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.
බදුල්ල Badulla | |
---|---|
නගරය | |
බදුල්ල ඔරලෝසු කණුව | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | ඌව පළාත |
දිස්ත්‍රික්කය | බදුල්ල දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | බදුල්ල මහනගර සභාව |
සරිය | |
• මුළු | 10 කිමී2 (4 සතරැස් සැත) |
උන්නතාංශය | 680 මී (2,230 අඩි) |
ජනගහණය(2011) | |
• මුළු | 47,587 |
• ඝණත්වය | 4,387/කිමී2 (11,360/වර්ග සැත) |
ජනනාමය(න්) | Badullians |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
බදුල්ල සිට කොලඹ දෙසට මධ්‍යම කඳුකර බැවුමේ සිට කිලෝමිටර් 230ක දුර ප්‍රමාණයක් පවතියි. බදුල්ලේ සිට නුවර, කොළඹ, ගාල්ල දෙසට මාර්ග කිහිපයක් පවතියි. කොළඹ සිට බදුල්ලට රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල සහ හාලිඇල හරහා ගමන්කල හැක. මෙම ගමන සදහා පැය 5-6 පමණ ගතවෙයි. නුවර සිට බදුල්ල දෙසට දිවෙන මාර්ග දෙකක් පවතියි. එම මාර්ග දෙක වන්නේ රජමාවත හරහා හෝ නුවරඑළිය හරහායි. ගාල්ල සිට බදුල්ලට ගමන් කිරීම සදහා වඩාත් සුදුසුම මාර්ගය වන්නේ මාතර, හම්බන්තොට, වැල්ලවාය, දෙමෝදර සහ හාලිඇල හරහායි. බදුල්ල දෙසට දිවෙන සැම මාර්ගයක්ම දර්ශනීය වන අතර මනා භුගෝලීය වෙනසක්ද දැක ගත හැක. බදුල්ල සහ එහි අවට පිහිටි දෑ විදේශිකයන් සදහා මනා තෝතැන්නක් වෙයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ නකලස් කඳු වැටිය බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත.