From Wikipedia, the free encyclopedia
රත්නපුර යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි. එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. නුතන නම බිහිවී ඇත්තේ මේම ප්‍රදේශයේ පරම්පරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති "රත්න" සහ නගරය යන යන අදහස ඇති "පුර" යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහ Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 100ක් පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දීර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි. පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහ පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතරට තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ ස්ථාපිත වූ සංචාරක කර්මන්තයක්ද දැකිය හැක. සිංහරාජ බ්නව්ක්ෂිතය, උඩවලව ජාතික වනෝද්‍යානය, කිතුල්ගල, සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවද වු අතර අනිත් පිරිස කතෝලික සහ මුස්ලිම් ජනතාව විය.
රත්නපුර | |
---|---|
රත්නපුරය ඔරලෝසු කණුව | |
Country | Sri Lanka |
පළාත | සබරගමුව පළාත |
දිස්ත්‍රික්කය | රත්නපුර දිස්ත්‍රික්කය |
උන්නතාංශය | 130 මී (430 අඩි) |
ජනගහණය(2001)[1] | |
• මුළු | 46,183 |
වේලා කලාප | SLT (UTC+05:30) |
නගරාධිපති ප්රමුඛ මහ නගර සභාවක් මගින් මෙම නගරය පාලනය වේ. මන්ත්‍රණ සභාව ප්‍රසිද්ධ ජන්දයකින් තෙරි පත්වන අතර ආසන සංඛ්‍යාව 15 කි.2006 ප්‍රදේශිය සභා මැතිවරණ සදහා ලියාපදිංචි වු ජන්ද දායකින් සංඛ්‍යාව 29159 විය.
සබරගමු පළාතේ විශාලතම රෝහල වන රත්නපුර මහ රෝහල ශල්‍ය අංශ දෙකක්, වෛද්‍ය අංශ දෙකක්, විකලාංග අංශයක්, ප්‍රසව හා නාරිවේද අංශ දෙකක්, ළමා අංශයක්, උගුරකන නාසය අංශයක්, ස්නායුවේද අංශයක්, රක්තවාත අංශයක්, චර්ම රෝග අංශයක්, මනෝ රෝග අංශයක්, සහ හෘද රෝග අංශයකින් සමන්විතවේ. එය පශ්චාත් උපාධි පුහුණු මධ්‍යස්ථානයක්ද වේයි.සබරගමුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ආරම්භ කිරීම හා සමගාමීව රත්නපුර මහරෝහල ශික්ෂණ රෝහලක් බවට මේවන විට යාවත්කාලීන කර ඇත.
නගරයේ ජනතාව මැණික් වෙළෙඳාම මත යැපෙති. මැණික් පතල් සුලබව දැකිය හැක. මහා පරිමාන මැණික් වෙළඳූන් බහුතරයක් රත්නපුර නගරයේ සිට ක්‍රියාත්මකවේ. විදේශිය මැණික් වෙළඳූන් සැලකියයුතු සංඛ්‍යාවක් නගරයේ සිටිති. ඔවුන්ගෙන් බහුතරයක් තායි ජාතිකයන් වේ. දිනපතා නගරාසන්න සහ වෙනත් නගර වල මැණික් වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් ගල් විකිනිමට සහ මිලදි ගැනිමට සදහා නගර මධ්‍යට එකතුවේ. මහා පරිමාන මැණික් වෙළඳූන් ප්‍රදේශිය මැණික් වෙළඳූන් ගෙන් මැණික් ගල් ලබා ගෙන ජාත්‍යන්තර වෙළඳපොලෙහි අලෙවි කරති. සමහර වෙළඳූන් මැණික් මිලදි ගැනිමට නගරයෙන් පිටතට යති. මෙහිදි ආසන්න නගර වන කලවාන,නිවිතිගල බොගවන්තලාව සහ ඇල හැර වැනි නගර විශේෂ වේ. ඉතාම උසස් දියඵ ආර්නුල් තැන්පතූ මැඩගස්කර් වල ලලාකාකා නිම්නයෙන් සොයාගැනිමත් සමග වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් මිලදි ගැනිමට මැඩගස්කර් බලා රටින් පිටවි යති.
නගරයේ කෘෂිකර්මාන්තයත් හොදින් දියුනුවි ඇත. නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. නගරය පුරා කුඹුරු සුලභව දැකිය හැකි දසුනක් වුවත් වර්ථමානයේදි බොහෝ ගොවියන් ගොවිතැන අතහැර සාර්ථක මුදල් ඉපැයිමේ මගක් වන මැණික් ගැරිම සදහා යොමුවිම නිසා ගොවිතැන අවිනිශ්චිත අනාගතයකට මුහුනපා ඇත. අඔ සහ පැපොල් වැනි රසවත් පලතුරැ වර්ග ගනනාවක් වෙළඳ බෝග ලෙස වගාකෙරේ.
රත්නපුර, අගනුවර වු කොළඹ හා නැගෙනහිර පාළාතේ කල්මුනේ සම්බන්දකරන ඒ -4 මහාමර්ගයේ පිහිටා ඇත. තවත් මහාමර්ගයක් වු ඒ -8, නගරය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ පානදුර හා සම්බන්ධ කරයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති කාලයේදි කොළඹ -අවිස්සාවේල්ල -රත්නපුර -ඔපනායක සම්බන්ධ කරමින් 1912දි පටු දුම්රිය මාර්ගයක් ඉදිකරන ලදි. 1976 පසුව එය කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පමනක් සිමාකරන ලද අතර 2006දී මහාමාර්ගයේ තදබදය අඩු කිරීම සඳහා පළල් දුමිරිය මාර්ගයක් ලෙස ප්රතිසංස්කරනය කරන ලදි. කොළඹ රත්නපුර යා කරමින් රුවන්පුර අධිවේගි මාර්ගය ඉදි කිරිමට යෝජිතව ඇත.
රත්නපුර ශ්‍රී ලංකාවේ දකුණු බටහිර කොටසේ හෙවත් තෙත් කලාපයේ පිහිටා ඇත. මැයි සිට සැප්තැම්බර් දක්වා කලයේදි නගරයට ප්‍රධාන වශයෙන් නිරිතදිග මෝසම් සුලං මගින් වර්ශාපතනය ලැබේ. වර්ෂයේ ඉතිරි මාස වලදි සංවහන වැසි නිසා සැලකියයුතු වර්ශාපතනයක් ලැබේ. වාර්ශික සමාන්‍ය වර්ශාපතනය මිලිමිටර් 4,000 ත් 5,000 අතර වේ. වාර්ශික සමාන්‍ය උෂ්ණත්වය 24- 35 °C පරාසය තුල විවිධ වේ. අධික ආර්ද්‍රතා මට්ටම් දැකිය හැක. මුහුදු මට්ටමේ සිට මිටර් 21 ක් ඉහලින් මේම නගරය පිහිටා ඇත.
මාසය | ජන | පෙබ | මාර් | අප්‍රේ | මෑයි | ඡුනි | ඡුලි | ඡුලි | සැප් | ඔක් | නොව | දෙස | අවුරුද්ද |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
දෛනික මධ්‍යනය සෙල්සියස්(ෆාරන්හයිට්) | 27(81) | 28(82) | 29(84) | 28(82) | 28(82) | 27(81) | 27(81) | 27(81) | 27(81) | 27(81) | 27(81) | 27(81) | 27(81) |
වර්ෂෘපතනය සෙන්ටිමිටර්(අගල්) | 13(5.1) | 12(4.7) | 23(9.1) | 36(14.2) | 45(17.7) | 34(13.4) | 30(11.8) | 22(8.7) | 35(13.8) | 50(19.7) | 38(15) | 21(8.3) | 359(141.3) |
රත්නපුර නගරය ගංවතුරෙන් යටවන කඵ ගං නිම්නයේ පිහිටා ඇත. කඵ ගංගාව හරහා විශාල වේල්ලක් නොමැති නිසා මෙම නගරය මැයි මාසයේදි නිරන්තර ගංවතුර තත්වයන්ට මුහුණපායි. ගංවතුර තත්වය මැඩ පැවැත්විම සදහා යෝජනාක්‍රම කිහිපයක් යෝජනාවී තිබුනද තවමත් ඒවා ක්‍රියාත්මකවී නැත. 2003මැයි මාසයේදි මුහුණ පෑ ගංවතුර තත්වය 1947දි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබු පසු මුහුණ පෑ විශාලතම ගංවතුර තත්වයයි.
නගරය පුරා සංචාරක ආකර්ෂණ ස්ථාන විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. එයින් බහුතරයක් බෞද්ධ පුජනිය ස්ථාන වන අතර එම ප්‍රදේශයේ ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයින් වීම එයට හේතු වී ඇත. අන්‍ය ආගම්වල පුජනිය ස්ථාන කිහිපයක්ද දක්නට ලැබේ. පහත සඳහන් වන්නේ වැදගත් ස්ථාන සඳහා උදාහරණ වේ.
ප්‍රදේශය පුරාවටම මැණික් පතල් බොහෝමයක් දැකිය හැක.විශේෂයෙන් පහත් භුමි වල ඇති කුඹුරු යායවල්වල දැකිය හැක.මේවායේ ගැඹුර මිටර 10-50 අතර වේයි. සවල සහ උණ ශාඛයෙන් සාදන ලද කුඩ වැනි සරල උපකරන පතළ් කැපිම සදහා යොදාගනි. පතලෙන් පස් ඉවත් කර ගෙන ජලයෙන් සෝදයි .එවිට අනෙකුත් ගල්වලට වඩා බර මැණික් ගල් කුඩයේ පතුලේ ඉතුරු වි මඩ සහ කුණු ඉවත් වේ.
ඇහැලේපොල නිලමේ ශ්‍රීලංකාවේ අවසන් රජු වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ සබරගමුවේ දිසාවේ නොහොත් දේශිය පාලකයා විය. දේශිය කෘෂිකර්මාන්තයට සහාය දිමට මොහු විසින් කුඩා ජලාශයක් සහ ඇළක් ඉදිකරනලදි. මේම විරයා විසින් කරන ලද සේවාව අද වුවත් රත්නපුර ප්‍රදේශය පුරා දැකිය හැකි අතර තවමත් එම සේවාවන්ගේ යහපත් ප්‍රතිඵල රත්නපුර ජනතාව භුක්ති විදිති. නගර මධ්‍යයේ පිහිටා ඇති එතුමාගේ නිවස වර්ථමානයේදි දේශිය කෞතුකාගාර ගොඩනැගිල්ල ලෙස භාවිතා කරයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.