පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම 2013
#guru# #gedara# / From Wikipedia, the free encyclopedia
23 වන පොදු රාජ්‍ය මණ්ඩල රජයේ ප්‍රධානින්ගේ රැස්වීම වර්ෂ 2013 නොවැම්බර් මස 15 වෙනි දින සිට 17 වෙනි දින දක්වා කොළඹ දි පැවැත්වුණි. පොදු රාජ්‍ය මණ්ඩලය යීය නායකයින් විසින් 2009 දී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වල පෝට් ඔෆ් සපෙයින් හී පැවැත්වුනු රැස්වීම් වලදී 2013 චෝගම් සමුළුව ශ්‍රී ලංකාව තුල පැවැත්වීමට තීරණය කරන ලදී. නමුත් ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරයට වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් නිසා කැනඩාව හා මුරුසිය සමුළුව නිල වශයෙන් වර්ජනය කල අතර ඉන්දියානු රාජ්‍ය නායකයා සමුළුව දේශපාලනික හේතුන් මත මගහරින ලදී .[2][3] සමුළුව අතරතුර කාලය තුල කොළඹ විරෝධතා පැවැත්වීම තහනම් කෙරිණි.[4] ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසින් සමුළුවේ අවධාරණය කල මූලික කරුණු වූවේ: "සන්නිවේදනය මත පදනම් වූ සංවර්ධනය, දේශපාලනික වටිනාකම්, ගෝලීය අභියෝග හා තර්ජන සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය සුහදතාවයයි ."[5] නමුත් ඊට අමතරව සමුළුව තුල ශ්‍රී ලංකාවේ අවසන් යුධ සමයේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ එකිනෙක පරස්පර විවාද සිදුවිය.[6][7][8] වර්ෂ 40 කට පසු 2 වැනි එළිසබෙත් රැජින සහභාගී නොවූ ප්‍රථම සමුළුව මෙය වීමද විශේෂත්වයකි.[9][10]
23වන පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම චෝගම් 2013 | ||
---|---|---|
සත්කාරක රට | ශ්‍රී ලංකාව | |
දිනයන් | 15 නොවැම්බර් 2013 – 17 නොවැම්බර් 2013 | |
ස්ථානය(න්) | නෙළුම් පොකුණ රංගශාලාව, බීඑම්අයිසීඑච්, වෝටර්ස් එජ් | |
නගර | කොළඹ | |
සහභාගිවූවන් | 51 | |
රජයේ ප්‍රධානියා/රාජ්‍ය නායකයා | 27[1] | |
සභාපති | මහින්ද රාජපක්ෂ (ජනාධිපති) | |
අනුගාමී සිද්ධිය | 2011 | |
පූර්වගාමී සිද්ධිය | 2015 | |
වෙබ්අඩවිය | chogm2013.lk | |
ප්‍රධාන කරුණු | ||
|