![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6d/Anangu_ranger_at_Uluru.png/640px-Anangu_ranger_at_Uluru.png&w=640&q=50)
පිච්චන්චච්චාරා
From Wikipedia, the free encyclopedia
පිච්චන්චච්චාරාවන් (/ˌpɪtʃəntʃəˈtʃɑːrə/;[1] Pitjantjatjara: [ˈpɪɟanɟaɟaɾa] හෝ [ˈpɪɟanɟaɾa]) හෝ පිච්චන්ච්චරාවන් හෝ යනු ඌලුරූ අසැ වෙසෙන මැදි ඕස්ට්‍රේලියානු කතර ආදිවාසී ජනතාවකි. ඔවුන් Yankunytjatjaraවනට හා Ngaanyatjarraවනට හා ළඟින් නෑ වන අතර ඔවුනගේ බස් බොහෝ දුරට එකිනෙකා විසින් තේරුම් ගත හැකියි (සියල්ල මැ බටහිරි කතර බසේ ප්‍රභේද වේ).
Quick Facts Aṉangu, සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ ...
Aṉangu | |
---|---|
![]() ඌලුරූ හි පිච්චන්චච්චාරා රේන්ජර්වරයෙක් | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
මධ්‍යම ඕස්ට්‍රේලියාව: | ආ. 4,000 |
භාෂා | |
පිච්චන්චච්චාරා ඉංග්‍රීසි (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියානු ඇබොරොජිනල් ඉංග්‍රීසි) | |
ආගම | |
සාම්ප්‍රදායික, ක්‍රිස්තියානි | |
ආශ්රිත මිනිස් ජාතීන් | |
Ngaanyatjarra, Yankunytjatjara |
Close
ඔවුන් තමන් වැ හඳුන්වාගනුයේ අංගු (මිනිසුන්) ලෙසයි. පිච්චන්චච්චාරාවන් බොහෝ දුරට දිවි ගෙවනුයේ වයඹදිගු දකුණු ඕස්ට්‍රේලියාවේ වන අතර, මායිම හරහා උතුරු පෙදෙසට ඇමඩේස් විලට මදක් දකුණණින් වන්නට දක්වා ද බටහිරට බටහිරි ඕස්ට්‍රේලියාව තුළට කෙටි දුරක් ද විහිදේ. බිම ඔවුනගේ අනන්‍යතාවයේ වෙන් කළ නොහැකි හා වැදැගත් කොටසක් හා වන අතර, එහි සෑම කොටසක්ම අනංගු කථා හා අරුතින් හා පොහොසති. [2]