බුදුන් වහන්සේගේ සුළුමව From Wikipedia, the free encyclopedia
ප්‍රජාපතී ගෝතමී (මහා ප්‍රජාපතී ගෝතමී) දේවිය යනු සිද්ධාර්ථ කුමාරයාගේ සුලු මව විය. ඇයගේ මව කච්චානා දේවිය වූ අතර පියා අංජන රජු විය. ඇයට මහාමායා (මයා) නම් එක් සහෝදරියක් විය.
මහා ප්‍රජාපතී ගෝතමී වෙතින්, මෙම ලිපිය වෙතට ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2020 නොවැම්බර් සිට යෝජිතය. |
මහා ප්‍රජාපති ගෝතමිය | |
---|---|
ආගම | බුද්ධාගම |
පෞද්ගලික තොරතුරු | |
උපත | දෙව්දහ නුවර කෝලිය ජනපදය |
ආගමික වෘත්තිය | |
ගුරුවරයා | ගෞතම බුදුන් වහන්සේ |
පවුල | |
කලත්‍රයා | සුද්ධෝදන |
දරුවෝ | සුන්දරී නන්දා කුමරිය, නන්ද කුමරු |
මෙම ලිපිය බුදු දහම හා සබැඳි ලිපි පෙළකට අයත් වේ |
බුදුරජාණන් වහන්සේ |
මූලික සංකල්ප |
බුදු දහමේ ඉතිහාසය |
බුදු දහම, කලාපය අනුව |
|
සිද්ධාර්ථ කුමාරයා ඉපිද දින කීපයකින් මව වූ මහාමායා දේවිය කලුරිය කල අතර ඉන් පසු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සුද්ධෝදන රජුතුමාගේ අග මෙහෙසිය බවට පත්විය. ඇයට නන්ද නම් පුතෙකු හා සුන්දරී නන්දා නම් දියණියක වූවාය.සිද්ධාර්ථ ,නන්ද ,සුන්දරී නන්දා ,රාහුල සහ යශෝධරා මේ සියලු දෙනාට මහ ප්‍රජාපතී ගෝතමීය එකසේ ආදර සැලකිලි දැක්විය.
බුදුන් වහන්සේ බුදුවී පළමු වරට කිඹුල්වත් පුරයට පැමිණ සුද්ධෝදන රජුට කල දේශනා අසා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් වූවාය. බුදු සසුනේ මෙහෙණි සසුන ආරම්භ කිරිම සඳහා ඇය මූලික වී ක්‍රියා කල අතර පසුව ආනන්ද හිමියන්ගේ සහයෙන් භික්ෂුණි සාසනය ආරම්භ කරන ලදී. ඒ සමඟම ඇයද පැවිදි වී රහත් බව ලැබුවාය. බුදුන් වහන්සේ පසුව මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ හට අත්දැකීම් බහුල භික්ෂුණියන් අතර අග්‍රස්ථානය පිරිනමන ලදී.
බුදු හිමියන්ට ප්‍රථම මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පෑ අතර බුදු හිමියන් තම සුලුමව දක්වන්නා වූ ගෞරවයක් ලෙස එතුමියගේ අවමංගල්‍ය පෙරහැරේ පිටු පසින් ගමන් ගත්හ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.