විකිමීඩියා ලැයිස්තු ලිපිය From Wikipedia, the free encyclopedia
බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්රයකි. උදාහරණයක් වශයෙන් මියන්මාරයේ නොයෙක් පළාත්වල, විශේෂයෙන් කාලගුණය හොඳින් පවතින කාලවලදී බුදුවරු විසි අට නමට ගරු කිරීම සඳහා උත්සව පැවැත්වේ. බොහෝ බෞද්ධ සම්ප්රදායයන්ට අනුව 29 වෙනි බුදුරජාණන් වහන්සේ වන්නේ මෛත්රී බෝධිසත්වයන් වහන්සේ ය.
.දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පසු කල්ප අසංඛෙයක් බුදුවරැ පහළ නොවුනි. කල්ප අසංඛෙය්යකට පසු කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේද, තවත් කල්ප අසංඛෙය්යකට පසු මංගල බුදුරජාණන් වහන්සේද, තවත් කල්ප අසංඛෙය්යකට පසු සුමන බුදුරජාණන් වහන්සේද, තවත් කල්ප අසංඛෙය්යකට පසු රේවත බුදුරජාණන් වහන්සේද, ලොව පහළ විය.
ඉතිරි බුදුවරැ දහනම දෙනාම කල්ප ලක්ෂයක් තුල ලොවපහළවිය. සාරාසංක්ය කල්ප ලක්ෂය හෙවත් අසංඛෙය හතරකුත් කල්ප ලක්ෂය ගෙවීගියේය...
මහා කල්ප එකකට අන්තර් කල්ප දෙසිය පනස් හයකි(256). දැනට මෙම කල්පයේ අප ඉන්නේ හතරවන අන්තර් කල්පයේය..මීළඟ පස්වන අන්තර් කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අවුරැදු දහයේ සිට අවුරැදු අසංඛෙයියට වැඩිවී නැවත අසූ දහසකට අඩුඋන විට මෛත්රී බුදු රජාණන් වහන්සේ ලොව පහලවන්නේය..
එක අන්තර් කල්පයක් යනු, මිනිසුන්ගේ ආයුෂ අවුරැදු දහයේ සිට අවුරැදු අසංඛෙයියට වැඩිවී නැවත අවුරැදු දහයට අඩුවන කාලයටය.....අසංඛෙයිය යනු, එකයි බින්දු එකසිහ හතලිහකි..
පාලි නම
අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ එදා සුමේධ තාපස ව ඉපදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීමේ සිට බුදු වීම දක්වා නියත විවරණ ලද බුදුරජාණන් වහන්සේලා 24 නමකි.
ගෞතම බුදුරජාණන් වහන්සේ පළමු නියත විවරණය ලැබූ කල්පයේ අනෙකුත් බුදුරජාණන් වහන්සේලා (තණ්හංකර, මේධංකර, සරණංකර බුදුරජාණන් වහන්සේලා) සහ තමන් වහන්සේ ඇතුළු බුදු බව ලැබූ කල්පයේ උපත ලබන සියලුම බුදුරජාණන් වහන්සේලා සමඟ (මෛත්රී බුදුරජාණන් වහන්සේ ඇතුළුව) නියත විවරණ ලැබූ කල්පයේ සිට බුද්ධත්වයට පත් වූ කල්පය දක්වා මුළු බුදුරජානන් වහන්සේලා 29 ක් වේ.
මෙම බුදුවරුන් ගේ විස්තර කීපයක් පහත දැක්වේ.
තණ්හංකර බුදු රජාණන් වහන්සේ
මේධංකර බුදු රජාණන් වහන්සේ
සරණංකර බුදු රජාණන් වහන්සේ
දීපංකර බුදු රජාණන් වහන්සේ
කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ
මංගල බුදු රජාණන් වහන්සේ
සුමන බුදු රජාණන් වහන්සේ
රේවත බුදු රජාණන් වහන්සේ
සෝභිත බුදු රජාණන් වහන්සේ
අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ
පදුම බුදු රජාණන් වහන්සේ
නාරද බුදු රජාණන් වහන්සේ
පදුමුත්තර බුදු රජාණන් වහන්සේ
සුමේධ බුදු රජාණන් වහන්සේ
සුජාත බුදු රජාණන් වහන්සේ
පියදස්සි බුදු රජාණන් වහන්සේ
අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ
ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ
සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ
තිස්ස බුදු රජාණන් වහන්සේ
ඵුස්ස බුදු රජාණන් වහන්සේ
විපස්සි බුදු රජාණන් වහන්සේ
සිඛි බුදු රජාණන් වහන්සේ
වෙස්සභු බුදු රජාණන් වහන්සේ
කකුසඳ බුදු රජාණන් වහන්සේ
කෝණාගම බුදු රජාණන් වහන්සේ
කස්සප බුදු රජාණන් වහන්සේ
ගෞතම බුදු රජාණන් වහන්සේ
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.