භෞමික පරිසර කලාපය

From Wikipedia, the free encyclopedia

භෞමික පරිසර කලාපය

පරිසර කලාපයක් යනු පෘථිවියෙහි භූමි පෘෂ්ඨයේ පුළුල්තම ජෛව භූගෝල විද්‍යාත්මක බෙදීම වන අතර එය පදනම්ව ඇත්තේ භෞමික ජීවීන්ගේ ව්‍යාප්ති රටාවන් අනුවය.

පරිසර කලාප විසින් නිරූපණය කරනුයේ, සාගර, පුළුල් කාන්තාර, උස් කඳු පංති වැනි, සංක්‍රමණයට බාධා පමුණවන භූගෝලීය අංගයන් නිසා, එකිනෙකින් වෙන් ව පැවති හා, එ නිසා දිගු කාල පරිච්ඡේදයන් තුල සාපේක්ෂ ඒකලනයෙන් ජීවින් පරිණාමයවූ, පෘථිවි පෘෂ්ඨයෙහි මහත්වූ විශාල ප්‍රදේශ වෙති. එබැවින්, ඔවුන්ගේ ජෛව භූගෝලීය පෙදෙස හවුලේ භුක්ති විඳිම පදනම් කොට ගෙන ජීවීන් සාමාන්‍ය කණ්ඩායම් ලෙස දැක්වීමට පරිසර කලාප භාවිතා වෙයි. පරිසර කලාප විසින් උද්භිද විද්‍යාවෙහි ශාක රාජධානි හෝ සත්ත්ව විද්‍යාවෙහි සත්ත්ව ව්‍යාප්ති විද්‍යාත්මක පෙදෙස් දක්වති.

ඒවායෙහි අඩංගු ජීවීන්ගේ පරිණාමීය ඉතිහාසය වෙතින් පරිසර කලාප ලක්ෂ‍ණෝපේත වෙති. ප්‍රධාන වාසස්ථාන වර්ග ලෙසින්ද හැඳින්වෙන, පෘථිවි පෘෂ්ඨය මත පවතින ජීව රූප මත පදනම්ව හෝ දේශගුණික, පාංශුමය, සහ වෙනත් තත්ත්වයන් සඳහා ශාක සහ සත්ත්වයන් අනුවර්තනය වීම පදනම් කොට ගත් බෙදීම් වන, ජෛව දර්ශයන්ගෙන් ඒවා ප්‍රභින්න ලෙසින් වෙනස් වෙති. ජෛව දර්ශ ලක්ෂණෝපේත වන්නේ සම සම උත්කර්ෂ වෘක්ෂලතාදියන් වෙතිනි. එක් එක් පරිසර කලාපය, ප්‍රභින්න ජෛව දර්ශයන් කිහිපයකින් සමන්විත විය හැක. නිදසුන් ලෙසින් මධ්‍යම ඇමරිකාවෙහි නිවර්තන තෙත් පළල්පත්‍ර වනාන්තරයක්, වෘක්ෂලතාදිය වර්ග හා ව්‍යුහය, දේශගුණය, පස ආදිය අනුව නව ගිනියාවේ එකක් හා සමසම විය හැකි වුවද, මෙම එක් එක් වනාන්තර තුල වාසය කරන ශාක සහ සත්ත්වයන් බොහෝ ලෙසින් වෙනස්වූ පරිණාමීය ඉතිහාසයන් සහිත වෙති.

භූ විද්‍යාත්මක ඉතිහාසය තුල පොළොවෙහි භුමි ස්කන්ධයන් යලි බෙදාහැරීම සිදු කල භූස්තර චලන ක්‍රියාවලිය අනුව පොළොවෙහි පරිසර කලාපයන්හී ශාක හා සත්ත්ව ව්‍යාප්තියෙහි රටාවන් හැඩගැන්වී ඇත.

More information පරිසර කලාපය, සරිය ...
පරිසර කලාපය සරිය සටහන්
වර්ග කිලෝමීටර් මිලියන වර්ග සැතපුම් මිලියන
ධ්‍රැවසීමිත 54.1582,000,000 යුරේසියාවේ සහ උතුරු අප්‍රිකාවේ වැඩි කොටසක්ද ඇතුළුව
නියාක්ටික් 22.9246,000,000 උතුරු ඇමරිකාවේ බොහෝ පළාත්ද ඇතුළුව
ඇෆ්රොට්‍රොපික් 22.1238,000,000 අර්ධ-සහරානු අප්‍රිකාව ඇතුළුව
නවනිවර්තන 19.0205,000,000 දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, සහ බටහිර ඉන්දීය කොදෙව් ඇතුළුව
ඔස්ට්‍රලේසියා 7.682,000,000 ඕස්ට්‍රේලියාව, නිව් ගිනියාව, නවසීලන්තය, සහ අසබඩ දිවයින් ඇතුළුව. මෙම කලාපයේ උතුරු මායිම හැඳින්වෙන්නේ වොලස් රේඛාව ලෙසිනි.
ඉන්දු-මලයා 7.581,000,000 ඉන්දියානු උපඅර්ධද්වීපය සහ අග්නිදිග ආසියාව ඇතුළුව
ඕෂනියා 1.011,000,000 පොලිනීසියාව (නවසීලන්තය හැර), මයික්‍රොනීසියාව, සහ ෆීජියානු දිවයින් ඇතුළුව
ඇන්ටාක්ටික් 0.33,200,000 ඇන්ටාක්ටිකාව ඇතුළුව.
පරිසර කලාප 8 න් 6 ක්
   නියාක්ටික්
   ඇෆ්රොට්‍රොපික්
   ඉන්දු මලයා
  ඔස්ට්‍රලේසියා
   නවනිවර්තන
   ඕෂනියා සහ ඇන්ටාක්ටික් පරිසර කලාප පෙන්වා නොමැත.
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.