නියැන්ඩර්තාල්
From Wikipedia, the free encyclopedia
නියැන්ඩර්තාල් [4] යනු, හෝමෝ ගණයට අයත් නෂ්ට මානව විශේෂයක් වන අතර, බොහෝ විට හෝමෝ සේපියන්ස් හී උපවිශේෂයක් විය හැක. [5] නූතන මානවයන්ට ඉතා කිට්ටු බන්ධුතාවයක් දක්වන ඔවුහූ,[6][7] ඩීඑන්ඒ අතින් වෙනස් වන්නේ 0.12% කින් පමණි.[8] නියැන්ඩර්තාල් විසින් ඉතිරි කර ගිය නෂ්ටාවශේෂ අතර අස්ථිමය සහ පාෂාණමය මෙවලම් ඇති අතර, ඒවා හමුවීඇත්තේ යුරේසියාව, බටහිර යුරෝපය සිට මධ්‍යම සහ උතුරු ආසියාව අතර ප්‍රදේශය යන පළාත් වලිනි. මෙම ජීවි විශේෂය නම් කර ඇත්තේ, ඔවුන් මුලින්ම සොයාගත්, ජර්මනියේ පිහිටි නියැන්ඩර්ටල් ("නියැන්ඩර් නිම්නය") නම් ස්ථානය අනුව යමිනි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Neanderthal කාලීන ව්‍යාප්තිය: මධ්‍ය ප්ලෙස්ටොසීන සිට පශ්ච ප්ලෙස්ටොසීන0.43/0.25–0.04 Ma | |
---|---|
පසුකාලීන නියැන්ඩර්තාල් හිස්කබලක් (La Chapelle-aux-Saints 1) | |
නියැන්ඩර්තාල් ඇටසැකිල්ලක දළ යළිතැනුමක්. මධ්‍ය central rib cage, including the sternum, and parts of the pelvis are from modern humans. | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
Unrecognized taxon (fix): | Homo |
විශේෂය: | †H. neanderthalensis |
ද්වීපද නාමය | |
†Homo neanderthalensis කිං, 1864 | |
Known Neanderthal range in Europe (blue), Southwest Asia (orange), Uzbekistan (green), and the Altai Mountains (violet). | |
පර්යාය නාම(ය) | |
Homo stupidus (Haeckel 1866)[1] |
සාමාන්‍යයෙන් පාෂාණිධාතු විද්‍යාඥයින් විසින් නියැන්ඩර්තාල්වරුන් හඳුන්වන්නේ හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් නම් විශේෂය ලෙසින් වුවද, සුළුතරයක් විසින් සලකනු ලබන්නේ, ඔවුන් හෝමෝ සේපියන්ස් වරුන්ගේ උපවිශේෂයක් ලෙසින් (හෝමෝ සේපියන්ස් නියැන්ඩර්තාලෙන්සිස්) බවයි. [9] පූර්ව-නියන්ඩර්තැල් ලක්ෂණ සහිත පළමු මානවයන් යුරේසියාවේ ජීවත්වූයේ 600,000–350,000 වසර ගණනකට පෙර තරම් ඈත අතීතයේ බව විශ්වාස කෙරෙන අතර [10] පළමු "සත්‍ය නියැන්ඩර්කාල්වරුන්" බිහිවීඇත්තේ 200,000 සහ 250,000 අතර වසර ගණනකට පෙරය.[11]