නාරම්මල
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයකි / From Wikipedia, the free encyclopedia
නාරම්මල යනු ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නගරයකි. එය නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගනගරය ද වේ. ලෝක බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය ද මෙහි පිහිටා ඇත. මෙම මනරම් නගරය කුඹුරු යාය වලින් සහ පොල්වතු වලින් වටවී ඇත. වයඹ පළාතේ ප්‍රධාන නගර වන කුරුණෑගල, හලාවත, කුලියාපිටිය හා පොල්ගහවෙල යන නගර අතර නාරම්මල ද තිබේ. සුඛෝපභෝගී හෝටල, නවාතැන් ස්ථාන, කදිම අවන්හල් සහ බීමහල් සහිත නාරම්මල නගරය නවීන ජීවන ක්‍රමයක් සහ නිශාචර ජීවිතය සහිත ශ්‍රී ලංකාවේ නිදහස් මතධාරීම නගරයකි. එය බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික නගරයකි.මෙම ප්‍රදේශයේ මිනිසුන් සාමයෙන් අන් අය සමග වෙසේ.
නාරම්මල Narammala நாரம்மல | |
---|---|
ඉහළ: නාරම්මල නගරයේ ගුවන් දර්ශනය | |
අපනාමය(න්): රන්පුරවර | |
උද්යෝග පාඨය(න්): නොනැවතී ඉදිරියට | |
ඛණ්ඩාංක: 7°26′4″N 80°13′17″E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | වයඹ පළාත |
දිස්ත්‍රික්කය | කුරුණෑගල |
ආණ්ඩුව / පරිපාලනයප්රාදේශීය සභා | |
• පරිපාලනය | නාරම්මල ප්‍රාදේශීය සභාව |
සරිය | |
• මුළු | 99.68 කිමී2 (38.49 සතරැස් සැත) |
උන්නතාංශය | 0m මී (0 අඩි) |
ජනගහණය(2012) | |
• මුළු | 56,279 |
ජනනාමය(න්) | Narammalian (නාරම්මලියන්) |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
දුරකථන කේතය(න්) | 037 |
වෙබ් අඩවිය | htttps://narammala.ds.gov.lk |
නාරම්මල නගරය ශ්‍රී ලංකාවේ අනතුරු අඩු ම නගරය බව පර්යේශනයකින් තහවුරු වී තිබේ. සුළි සුලං, නායයෑම්, ගිනිකඳු, නියගය හෝ ගංවතුරෙන් නාරම්මල ප්‍රදේශය ඉතිහාසයේ කිසිදු දිනයක පීඩා විද නැති බව තහවුරු වේ. කෙසේවෙතත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ගිරිඋල්ල ප්‍රදේශයෙන් මහ ඔය පිටාර ගැලීම හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට නාරම්මල නගරයේ "ඩවුන් ටවුන්" (Downtown) කොටස සම්පූර්ණයෙන් ජලයෙන් යටවිය. නාරම්මල සිට මීගමුව දක්වා දිවෙන මාර්ගයෙහි අත්කම් භාණ්ඩ හා ආභරණ වෙළද සැල් මෙන්ම සංචාරක නිකේතන හා අන්තර් ඡාල සේවා මධ්‍යස්ථානද සංචාරකයන් සඳහා දිවා රාත්‍රී විවෘතව පවති.