දොං යී (රූපවාහිනී කතාමාලාව)
2010 දකුණු කොරියානු කතා මාලාවක් / From Wikipedia, the free encyclopedia
දොං යි (කොරියානු: 동이; හන්ජා: 同伊) යනු 2010 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී මාලා නාට්‍යයකි.. එහි ප්‍රධාන චරිත නිරූපණය හන් හ්යෝ-ජූ, ජි ජින්-හී, ලී සො-යොන් සහ බේ සු-බින් විසින් සිදුකරන ලදී.[1] ජෝසුන් රාජවංශයේ සුක්ජොං රජු සහ චෝයි සුක්-බින් හෙවත් හෙවත් දොංයී බිසවගේ ප්‍රේම වෘත්තාන්තය ඇසුරෙන් නිර්මාණය වූ මෙය MBC ආයතනය විසින් 2010 වර්ෂයේ මාර්තු 22 දින සිට ඔක්තෝබර් 12වන දින දක්වා විකාශය කරන ලදී. එහිදී එය කථාංග 60ක් පුරාවට සදුදා සහ අගහරුවාදා දිනවල 21:55ට විකාශය විය.[2][3]
මෙලෙසද හැඳින්වේ | Jewel in the Crown (කිරුළෙහි මාණික්‍යය) |
---|---|
ප්‍රභේදය | ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය ඓතිහාසික |
රචනය කලේ | කිම් යි-යොං |
අධ්‍යක්ෂණය කලේ | ලී බ්යුං-හූන් කිම් සං-හ්යුබ් |
රඟපෑම | හන් හ්යෝ-ජූ ජී ජින්-හී ලී සො-යොන් බේ සූ-බින් |
ඇරඹුම් තේමාව | සිහින මාවතක ඇවිදීම, ජං නා-රා විසින් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 60 |
විධායකනිෂ්පාදක(යෝ) | කිම් හෝ-යොං ආන් සියුං-ගක් |
නිෂ්පාදක(යෝ) | ලී සේ-ජූං |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | සදුදා සහ අගහරුවාදා 21:55ට (KST) |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව (MBC) |
මුල් ධාවනය | 22 මාර්තු 2010 (2010-03-22) – 12 ඔක්තෝබර් 2010 (2010-10-12) |
පූර්වගමනය වනුයේ | Pasta |
අනුගමනය වනුයේ | Queen of Reversals |
වෙබ් අඩවිය |
කොරියානු නම | |
හංගුල් | 동이 |
---|---|
හන්ජා | 同伊 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Dong-i (දොං-ඊ) |
මැකූන්–රයිෂවර් | Tong-i (තොං-ඊ) |
එරට- 20% සිට 30% අතර ප්‍රමාණයෙන් ප්‍රෙක්ෂක ප්‍රතිශතයක් හිමිකරගත් 'තේ ය.[4] මෙහිදී සිය රංගන දක්ෂතාවය උදෙසා හන් සම්මාන දිනා ගත්තා ය.. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් අතුල රන්සිරිලාල්ගේ අධ්‍යක්ෂණය යටතේ සිංහලෙන් හඩකවා “අභීත දියණිය” යන නාමය යටතේ 2013 පෙබරවාරි 12වන දින සිට ජාතික රූපවාහිනී නාළිකාව ඔස්සේ මෙම නාට්‍යය විකාශය කරන ලදී.