තල් ශාකය
From Wikipedia, the free encyclopedia
තාල වර්ගයේ ශාක විශේෂ පහක් අතරින් එකක් වන තල් ශාකය ආසියාව, අප්‍රිකාව සහ නිව් ගිනියාවේ නිවර්තන ප්‍රදේශ වලට ආවේණික ශාක විශේෂයකි. මෙම ශාකය සෙවණ ලබා දෙන ශාකයක් ලෙසද හැදින්විය හැකිය. මෙම දැවැන්ත ගස් මීටර් 30 ක් (අඩි 98) දක්වා ඉහළට වර්ධනය විය හැකි අතර වෙනස් වූ පත්‍ර කැලැල් සහිත ශක්තිමත් කඳක් එහි දැකගත හැකිය. කෙසේ නමුත් සමහර විශේෂයන්හි හේතුව නොදන්නා නමුත් මුදුනට පහලින් පැහැදිලි ඉදිමුමක් කඳෙන් වර්ධනය වේ. අවානක හැඩය ගන්නා පත්‍ර, දිගින් මීටර් 2-3 වන අතර වෘන්ත දාර ඔස්සේ නාරටි පිහිටයි. (B. heineanus හි නාරටි නොපිහිටයි). මෙහි කොළයේ පුෂ්ප මංජරිය මතුවන හනස්ස මුල පැහැදිලි දෙකට බෙදුණු විවරයක් ඇත. පැරණි කොළ හනසු කඳ මත රැදෙන අතර ඒවා කාලයත් සමඟ ගිලිහී යයි. ඒවායේ පිරිමි මල් සහ ගැහැණු මල් වෙන වෙනම ශාක වල හටගන්නා බැවින් සියලුම තල් ශාක ද්විගෘහි වේ. පිරිමි මල් දිගින් සෙ.මී. එකකට වඩා අඩු අතර අර්ධ කවාකාර පොකුරු, අවලම්භනය වන පුච්ඡයේ චර්මල නිපත්‍ර දෙකක් අතර රැඳී ඇත. පළලින් සෙ.මී. 3-5 වන ගෝලාකාර හැඩැති ගැහැණු මල් හුදෙකලාව, පොකුරේ අක්ෂයේ මතුපිට මත සෘජුවම පිහිටා ඇත. එමෙන්ම, පළලින් සෙ.මී. 15-25 අතර වන, දළ වශයෙන් ගෝලාකාර වූ සෑම ඵලයකම විශාල බීජ 1-3 පමණ අඩංගු වේ. විශේෂය මත පදනම්ව, ඵලයන්හි වර්ණයන් කළු සිට දුඹුරු, කහ හෝ තැඹිලි වශයෙන් වෙනස් වේ. මෙහි තන්තුමය මදය සුවඳවත් හා මිහිරිමය රසයකින් යුක්ත වේ. අලි, වඳුරන් හා වෙනත් පලතුරු ආහාරයට ගන්නා සතුන්ගේ පරිභෝජනයෙන් එය ආරක්ෂා කර ගැනීම සඳහා සෑම බීජයක්ම කාෂ්ඨීය අභ්යන්තරාවරණයකින් ආවරණය වී ඇත. බීජ ප්‍රරෝහණයේ දී, නොමේරූ බීජ පැළය පසේ පහලට විහිදෙන අතර පොළවෙන් මතුපිට දැකිය හැක්කේ පත්‍ර කිහිපයක් පමණි. මෙය සවානා බිම් වල නිතර ඇතිවන ලැව්ගිනි වලින් ආරක්ෂා වීමට උපකාරී වේ. නිර්ණය නොකරන ලද වර්ෂ ගණනාවකට පසුව බීජ පැළයෙන් කඳ සෑදෙන අතර ලැව්ගිනි වලට අවම වශයෙන් ගොදුරු වන ලෙස සැවානා බිම් වල ඉක්මනින් වර්ධනය වේ.
තල් ශාකය | |
---|---|
Borassus flabellifer, කරෙයිනගර්, ශ්‍රී ලංකාව | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Monocots |
(unranked): | Commelinids |
ගෝත්‍රය: | Arecales |
කුලය: | Arecaceae |
උපකුලය: | Coryphoideae |
Tribe: | Borasseae |
Subtribe: | Lataniinae |
ගණය: | ''Borassus'' |
Species | |
See text. | |
පර්යාය නාම(ය)[1] | |
|