ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල වී ඇති ලිංගික අනාචාර චෝදනා
From Wikipedia, the free encyclopedia
එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා ලෙසින් තෝරා ගන්නා ලද , ඇමරිකානු ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත, 1980 ගණන් වල සිට අඩුම වශයෙන් කාන්තාවන් පසළොස් දෙනෙකු වෙතින් හෝ, ලිංගික හිරිහැර කිරීම සහ ලිංගික අඩන්තේට්ටම් කිරීම චෝදනා එල්ලවී ඇත. මාධ්‍ය නැඹුරුව, කුමන්ත්‍රණ, සහ දේශපාලනමය මඩ ගැසීමේ මෙහෙයුමක ගොදුරු බවට ඔහු පත්වී ඇති බව පවසමින් ට්‍රම්ප් විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කෙරිණි.[1][2][3] තමන් විසින් ඔවුන් ලිංගික හිරිහැර කිරීම් වලට හෝ ලිංගික අඩන්තේට්ටම් කිරීම වලට හෝ ලක් කල බවට ඉදිරිපත්වී චෝදනා ඉදිරිපත් කරන සියළු කාන්තාවන්ට එරෙහි අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවට ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර ඇත.[4][5]
මෙම චෝදනා වලින් කිහිපයක්, ට්‍රම්ප්ගේ ජනාධිපතිධූරාපේක්ෂිකත්වයට පූර්වගමනය ලෙසින් සිදු විය; බොහෝමයක් මැතිවරණ මෙහෙයුම තුලදී ඉස්මතු වූ අතර, විශේෂයෙන්ම 2016 ඔක්තොම්බර් 9 දිනදී ඩිමොක්රටික් පක්ෂයෙහි අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හා සමගින් පැවති ඔහුගේ දෙවන විවාදයෙන් පසුව ඉස්මතු විය. "යෝනිමුඛය වෙතින්" බලහත්කාරයෙන් ඇල්ලීම ඇතුළු කාන්තාවන් සිපගැනීම සහ ලිංගික ලෙසින් අතපතගෑම පිළිබඳව ට්‍රම්ප් විසින් පුරසාරම් දොඩන ලද 2005 පටිගතකිරීම පිටතට කාන්දුවීමෙන් පසුව එම විවාදය දින දෙකක් පුරා පැවැතියේය; ඔහු විසින් පවසා තිබුණේ ඔහු කීර්තිමත් පුද්ගලයෙක් බැවින්, "ඔවුන් විසින් එවැනි දේ සිදුකිරීමට ඉඩ සලසන බව" සහ "මම එයට මෙහොතක් හෝ පැකිලෙන්නේ නොමැති බවයි". විවාදය අතරතුරදී, ඔහුගේ පටිගතකෙරුණු ප්‍රකාශ විසින් ලිංගික අඩන්තේට්ටම් විස්තර කෙරුණු බව ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කල අතර කිසිකලෙක කාන්තාවක් අනිසි ලෙස ස්පර්ශ කර ඇති බව ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ චෝදකයන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කර සිටියේ, ඔවුන්ගේ චෝදනා ප්‍රසිද්ධ කිරීමට ඔවුන් පෙළඹවූයේ මෙම ප්‍රතික්ෂේප කිරීම් විසින් බවයි.
කාන්තාවන් තිදෙනෙක් විසින් අධිකරණයෙහි නඩු ගොනු කර තිබුණේ ඔවුන්ව ට්‍රම්ප් විසින් ලිංගික අඩන්තේට්ටම් වලට ගොදුරු කල බවට චෝදනා කරමිනි. මෙම අධිකරණ නඩු තුනට අමතරව, අඩුම වශයෙන් කාන්තාවන් දොළොස්දෙනෙකු විසින් හෝ ට්‍රම්ප් වෙත ප්‍රසිද්ධයේ චෝදනා කර සිටිනුයේ අනුමැතිය-රහිත සිපගැනීම් හෝ, අනුමැතිය-රහිත ලෙසින් තන, තට්ටම් සහ ලිංගික අවයව ස්පර්ශ කිරීම හෝ සිදු කල බවයි.
ප්‍රාථමික වශයෙන් 2016 ඔක්තොම්බර් මස සිට ඇරඹුනු බහුවිධ චෝදනා විසින් කියා සිටිනුයේ, ඔවුන් විවිධ මට්ටම් වලින් ඇඳුම් ඉවත් කරගෙන සිටි අතරතුර රූප සුන්දරී තරග තරගකාරියන්ගේ පැරහුම් කාමර තුලට 1997, 2000, 2001, සහ 2006 වසර තුලදී ට්‍රම්ප් ඇතුළු වූ බව වන අතර, මෙම හුරුකම තමා වෙත වූ බව ද හවර්ඩ් ස්ටර්න් ෂෝ හී 2005 වසරෙහි සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් විසින් මෙය පිළිගෙන ඇත. මෙම ව්‍යවහාරය මිස් ටීන් යූඑස්ඒ හිදීද සිදුවී ඇති බව ප්රෝක්ත වෙයි; එහි තරගකරුවන්වූ බොහෝ දෙනෙක් කියා සිටින්නේ වයස 15 තරම් ලාබාල ගැහැණු ලමුන්ගේ පැරහුම් කාමර තුලට පවා ට්‍රම්ප් ඇතුළු වූ බවයි.