From Wikipedia, the free encyclopedia
ටොලමි X ඇලෙක්සැන්ඩර් I[note 1] (පුරාතන ග්‍රීක:Πτολεμαῖος Ἀλέξανδρος, Ptolemaĩos Aléxandros) යනුවෙන් හඳුන්වන්නේ ක්‍රි.පූ. 110 සිට 109 දක්වා සහ ක්‍රි.පූ. 107 සිට 88 දක්වා ඊජිප්තුව පාලනය කළ රජ කෙනෙකි.
ටොලමි X ඇලෙක්සැන්ඩර් I | |
---|---|
ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 110 පමණ මව වූ ක්ලියෝපැට්රා III සමග (පළමු රාජ්‍ය සමය) ක්‍රි.පූ. 107 පමණ මව වූ ක්ලියෝපැට්රා III සහ ලේලිය / සුළු-දියණිය / බිරිය වූ බෙරෙනිස් III සමග (දෙවන රාජ්‍ය සමය) (ටොලමියානු) |
පූර්වප්‍රාප්තිකයා | සොහොයුරු ටොලමි IX ලැතිරොස් (පළමු සහ දෙවන රාජ්‍ය සමය) |
අනුප්‍රාප්තිකයා | සොහොයුරු ටොලමි IX ලැතිරොස් (පළමු රාජ්‍ය සමය) පුත්‍රයා වූ ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (දෙවන රාජ්‍ය සමය) |
වල්ලභ | ක්ලියෝපැට්රා සෙලීන් I (සොයුරිය) ඊජිප්තුවේ IIIවන බෙරෙනිස් (ලේලිය සහ සුළු-දියණිය) |
දරුවන් | ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (Iවන ක්ලියෝපැට්රා සෙලීන්ට දාව) ක්ලියෝපැට්රා V (IIIවන බෙරෙනිස්ට දාව) |
පියා | ටොලමි VIII ෆිස්කන් |
මව | ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා |
ඔහු ටොලමි VIII ෆිස්කන් පාරාවෝවරයාගේත් IIIවන ක්ලියෝපැට්රා රැජිනියගේත් පුත්‍රයායි. ඔහුගේ මව විසින් ඔහුගේ සොයුරා වූ ටොලමි IX ලැතිරොස්ව බලයෙන් පහ කිරීමෙන් පසු, ක්‍රි.පූ. 110දී ඔහු සිය මව සමග හවුල් පාලනයක් ගෙනගියේ ය. කෙසේනමුත්, ක්‍රි.පූ. 109දී IXවන ටොලමි විසින් ඔහුව බලයෙන් පහකරන ලදී. ක්‍රි.පූ. 107දී ඔහු යලිත් වරක් රජු බවට පත් විය. එසේම ඇගේ මව සමග සම-අනුරාජ පදවිය හෙබවී ය. ක්‍රි.පූ. 101දී සිය මෑණියන්ව මරා දැමූ ඔහු, තනිව හෝ සිය භාර්යාව/ලේලිය වූ IIIවන බෙරෙනිස් සමග රාජ්‍ය පාලනය සිදුකළේ ය.
ඔහු මිය යන විට, IXවන ටොලමි නැවත වරක් සිහසුන හිමි කරග්තතේ ය. IXවන ටොලමි මියයන විට Xවන ටොලමිගේ භාර්යාව වූ IIIවන බෙරෙනිස් මාස හයක් රාජ්‍ය පාලනය සිදුකළා ය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.