From Wikipedia, the free encyclopedia
ජොසොන්හි සේජෝ (කොරියානු:조선 세조, 2 නොවැම්බර් 1417 – 23 සැප්තැම්බර් 1468, රාජ්‍ය. 1455–1468) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ හත්වන පාලකයායි. 1453 සිට 1455දක්වා ජොසොන් රාජවංශයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඔහු, ජොසොන්හි මුන්ජොංගේ සොහොයුරා වූ අතර ජොසොන්හි දන්ජොං රජුගේ මාමා විය. 1455දී කුමන්ත්‍රණයක් මගින් ඔහු සිහසුනට පත් විය.
යි යු | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | 11 ජූනි 1455 – 23 සැප්තැම්බර් 1468 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | දන්ජොං (යි හොං-වි) | ||||||||
අනුප්‍රාප්තිකයා | යේජොං (යි ග්වං) | ||||||||
උපත | 2 නොවැම්බර් 1417 | ||||||||
මරණය | 23 සැප්තැම්බර් 1468 (50 වියැති) | ||||||||
බිසව | ජොංහුයි, ජොසොන්හි අගබිසව | ||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | සේජොං (යි දෝ) | ||||||||
මව | සෝහොන් අගබිසව |
ජෝසුන්හි සේජෝ රජ | |
හංගුල් | 세조 |
---|---|
හන්ජා | 世祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සේජෝ |
මැකූන්–රයිෂවර් | සේජෝ |
උපන් නාමය | |
හංගුල් | 이유 |
හන්ජා | 李瑈 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ යු |
මැකූන්–රයිෂවර් | ඉ යු |
Courtesy name | |
හංගුල් | 수지 |
හන්ජා | 粹之 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සුජි |
මැකූන්–රයිෂවර් | සුජි |
1417දී යි යු යනුවෙන් උපත ලද සේජෝ, මහා සේජොං රජුගේ දෙවන පුත්‍රයා විය. ඔහු දුනු ශිල්පය, අසුන් පැදවීම, සහ සටන් කලාවට දක්ෂතාවන් පෙන්වී ය. විශිෂ්ට යුධ සෙන්පතියකු වූ නමුත්, ඔහු කිසිදින සටන් බිමට පිවිසියේ නැත. 1428දී ඔහු ප්‍රධාන කුමරු සුයාං' බවට පත් වූ අතර, ඔහු වඩාත් ප්‍රකට වූයේ එම නාමයෙනි.
සේජොංගේ මරණින් පසු, සුයාංගේ රෝගී සොහොයුරා වූ මුන්ජොං සිහසුනට පත් වූ නමුත් ඔහු නොබෝ කලකින්ම මියගියේ ය. අනතුරුව කිරුළ 12 වියැති මුන්ජොංගේ පුත්‍රයා වූ දන්ජොං හට හිමි විය. නව රජු රාජ්‍ය පාලනයට ලාබාල වැඩි වූ හෙයින්, දේශපාලන කටයුතු මෙහෙයවන ලද්දේ එවකට අග්‍රාමාත්‍ය හ්වංබෝ ඉන් සහ උප-අග්‍රාමාත්‍ය කිම් ජොංසෝ සෙන්පති විසිනි. රාජකීය පවුලේ සාමාජිකයන්ට එරෙහිව කිම් ජොංසෝ හා ඔහුගේ පක්ෂය බලය අතින් වර්ධනය වන විට, කිම් සහ සුයාං අතර අරගලය තීව්ර විය. සුයාං පමණක් නොව, සුයාංගේ බාල සොහොයුරු අන්ප්යොං ප්‍රධාන කුමරු ද රාජධානියේ පාලනය අතට ගැනීමට අපේක්ෂාවෙන් පසු විය.
සුයාං, සිය හිතවත් උපදේශක හන් මියුං-හොයි ඇතුළු විශ්වාසවන්තයින් තමා වටා රැස්කරගත්තේ ය. හන් උපදෙස් දුන්නේ සුයාං හට කුමන්ත්‍රණයක් සිදුකොට රාජ්‍ය බලය අතට ගන්නා ලෙසයි. ඒ අනුව 1453 නොවැම්බර් 10 (10වන චන්ද්‍ර මාසයේ 10වන දිනය) දින ඔහු කිම් ජොංසෝ හා ඔහුගේ පාක්ෂිකයන් විනාශ කොට රාජ්‍ය බලය සියතට ගත්තේ ය. එම කුමන්ත්රණයේ දී, ඔහු සිය සොහොයුරු අන්ප්යොං කුමරුන්ව සිරගත කොට පසුව පිටුවහල් කළේ ය. එහි දී අන්ප්යොං කුමරු මියගියේ ය.
අවසානයේ 1455දී ඔහු සිය බල රහිත ළදරු බෑනා වූ දන්ජොංට සිහසුන අත්හැරීමට බලකොට ජොසොන්හි සත්වන රජු බවට පත් විය. පසුව ඔහු දන්ජොංව කුමාර තනතුර දක්වා පහත හෙළී ය. පසුව ඔහුගේ බාල සොහොයුරු ගුම්සුං ප්‍රධාන කුමරු සහ සොං සම්-මුන්, පාක් පෙං-න්යොන් හා යි ගේ ඇතුළු ෂඩ් විද්වතුන් සුයාංව බලයෙන් නෙරපා දන්ජොංව සිහසුනට පත්කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් දන්ජොංට වස දී මරණයට ත් කරන ලදී.
සිය ලාබාල බෑනාගෙන් සිහසුන පැහැරගෙන, බොහෝ මිනිසුන්ව ඝාතනය කළ මුත්, ඔහු කොරියානු ඉතිහාසයේ කාර්යශූර පාලකයන් අතුරින් අයකු ලෙස සැලකෙයි. පළමුව, තේජොං රජු විසින් ස්ථාපිත රාජාධිකාරී බලය ශක්තිමත් කළ ඔහු රාජසභාව රජුගේ ඍජු පාලනයට ගෙනඒමෙන් අග්‍රාමාත්‍යවරයාගේ බලය අඩුකළේ ය. තේජොං විසින් හඳන්වා දුන් පරිපාලන ක්‍රමය ශක්තිමත් කළ ඔහු, සැබෑ ජනගහණ ප්‍රමාණය රජයට නිර්ණය කළ හැකි ක්‍රමවේදයක් සැකසී ය. තේජොං මෙන් දැඩි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඔහු, 1460 (오랑캐/兀良哈) සහ 1467 (호리개/胡里改) යන වර්ෂවල දී උතුරු දේශසීමාවේ වූ ජුර්චෙන්වරුන්ට ප්‍රහාර එල්ල කරන ලදී. මීට අමතරව ජාතික ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා ඔහු ඉඩම් පනත් ප්‍රතිශෝධනය කළේ ය. තමන්ට එරෙහිව කුමන්ත්‍රණයට තැත් කිරීම හේතුවෙන් ඔහු සේජොං රජ සමයේ විසූ විද්වතුනට දඬුවම් පැමිණවූවද, ඉතිහාසය, ආර්ථිකවිද්‍යාව, කෘෂිකර්මාන්තය පිළිබඳ ලියැවුණු මෙන්ම ආගමික ග්රන්ථ ප්රකාශනයට ද ඔහු අනුග්‍රහ දැක්වී ය.
ඔහුගේ වඩාත් වැදගත් සේවාවක් ලෙස රාජ්‍ය පරිපාලනය සඳහා ප්‍රධාන නීත පද්ධතියක් සකස් කිරීම දැක්විය හැක. මෙය රාජවංශික පරිපාලනය සඳහා අස්වැසිල්ලක් වූ අතර, මෙය කොරියාවේ ප්‍රථම ව්‍යවස්ථානුකූල ලිඛිත නීති සංග්‍රහය ලෙස සැලකෙයි. 1468දී ඔහු මියගිය අතර සිහසුන ඔහුගේ දුර්වල පුතු වූ යේජොං හට හිමි විය.
ජොසොන්හි සේජෝ සිය ලැදියාවක් දැක් වූ ක්ෂේත්‍ර පිළිබඳග්රන්ථ ගණනාවක් සම්පාදනය කොටඇත. ඉන් එකක් වන සොක්බොසංජොල් නැමැති ග්‍රන්ථය ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳ චරිතාපදානයකි.[9] මීට අමතරව ඔහු තවත් ග්රන්ථ දෙකක් නිර්මාණය කොට ඇත:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.