![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f4/Jeulmunmap.png/640px-Jeulmunmap.png&w=640&q=50)
ජ්‍යුල්මුන් කුඹල් යුගය
From Wikipedia, the free encyclopedia
ජ්‍යුල්මුන් කුඹල් යුගය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 8000 – ක්‍රි.පූ. 1500 අතර කාලසීමාව පුරා පුළුල්ව පැතිර තිබූ කොරියානු ප්රාග්ඓතිහාසික පුරාවිද්‍යාත්මක යුගයකි.[1] මෙම යුගයට කොරියාවේ මෙසෝලිතික සහ නියෝලිතික සංස්කෘතික අවධි ඇතුළත් වේ.[2][3] එහි දී පිළිවෙලින් ක්‍රි.පූ. 8000–ක්‍රි.පූ. 3500 ("ආරම්භක" සිට "මුල්කාලීන" අවධි දක්වා) සහ ක්‍රි.පූ. 3500–ක්‍රි.පූ. 1500 ("මධ්‍ය" සහ "පසුකාලීන" අවධි තෙක් පැතිර පැවතිණි.[4] පැරණිතම මැටි බඳුන් හමු වීම නිසා මෙම යුගය "කොරියානු නියෝලිතික" නැමැති පුළුල් යුගයට ද ඇතුළත් කොට ඇත.[5]
ජ්‍යුල්මුන් කුඹල් යුගය | |
හංගුල් | 즐문 토기 시대 |
---|---|
හන්ජා | 櫛文 土器 時代 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jeulmun togi sidae |
මැකූන්–රයිෂවර් | Chŭlmun t'ogi sidae |
ජ්‍යුල්මුන් කුඹල් යුගය එනමින් නම් කිරීමට හේතුව මෙම යුගයට, විශේෂයෙන්ම ක්‍රි.පූ. 4000-2000 අතර කාලයට අයත් යැයි ස්ථිරව හඳුනාගෙන ඇති විසිතුරු මැටි බඳුන් විශාල ප්‍රමාණයක් හුමවී තිබීමයි. ජ්‍යුල්මුන් (හංගුල්: 즐문, හන්ජා: 櫛文) යන්නෙහි අරුත "පනා-රටා සහිත" යන්නයි. 1990 දශකයේ මැදි භාගයේ සිට ජ්‍යුල්මුන් යුගයේ බිම්වල පුරාවිද්‍යා කැනීම් කටයුතු සාර්ථකව සිදුවන හෙයින්, නැගෙනහිර ආසියාවේ ප්රාග්ඓතිහාසික යුගය පිළිබඳ දැනුම වරඩිදියුණු වී තිබේ.
ජ්‍යුල්මුන් යනු දඩයම්, රැස් කිරීම් සහ කුඩා පරිමාණයේ බෝග වගාවන්ගෙන් සමන්විත වූ යුගයක් විය.[6] ඇතැම් අවස්ථාවල පුරාවිද්‍යාඥයින් විසින් මෙවැනි ආකාරයේ ජීවන රටාවක් "පුළුල්-ප්රේක්ෂාවලික දඩයම්-සහ-රැස් කිරීම්" ලෙස හඳුන්වනු ලබයි.