ජනාධිපති ඩී.බී. විජේතුංග
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාභිමාන්‍ය ඩිංගිරි බණ්ඩා විජේතුංග (පෙබරවාරි 15,1916 - සැප්තැම්බර් 21 2008) යනු ශ්‍රී ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා (මැයි 1,1993 - නොවෙම්බර් 12,1994) සහ ශ්‍රී ලංකාවේ අගමැති (මාර්තු 3,1989 - මැයි 7, 1993) සහ වයඹ පළාත් ආණ්ඩුකාර (1988 - 1989) ලෙස කටයුතු කළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
Quick Facts 4වන ශ්‍රී ලංකා ජනාධිපති, පූර්වප්‍රාප්තිකයා ...
![]() | |
4වන ශ්‍රී ලංකා ජනාධිපති | |
---|---|
තනතුර දරමින් මැයි 1, 1993 – නොවැම්බර් 12, 1994 | |
පූර්වප්‍රාප්තිකයා | රණසිංහ ප්‍රේමදාස |
අනුප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග |
9වන ශ්‍රී ලංකා අගමැති | |
තනතුර දරමින් ජනවාරි 2, 1989 – මැයි 1, 1993 | |
පූර්වප්‍රාප්තිකයා | රණසිංහ ප්‍රේමදාස |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
පුද්ගලික තොරතුරු | |
උපත | පෙබරවාරි 15, 1916(1916-02-15) උඩුනුවර, ![]() |
විපත | September 21, 2008(2008-09-21) (වයස 92) මහනුවර, ශ්‍රී ලංකාව |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
Close
මෙරට තුන්වන ජනාධිපතිවරයා ලෙස වසරක කාලයක් කටයුතු තළ ඩී. බී. විජේතුංග මහතා ඉතා සරල දිවි පෙවෙතත් ගත කළ තැනැත්තෙකි. අව්‍යාජ ජන නායකයෙකු ලෙස ජන හදවත් වල රැඳුණු විජේතුංග මහතා ප්රජාතන්ත්රවාදී ගතිගුණවලින් සම්පූර්ණ වූවෙකු විය.