චෝළ රාජවංශය
From Wikipedia, the free encyclopedia
චෝළ රාජවංශය යනු දකුණු ඉන්දියානු ඉතිහාසයේ දීර්ඝතම කාලයක් පාලනය ගෙනගිය රාජවංශවලින් එකකි. මෙම දෙමළ රාජවංශය හා සම්බන්ධ ආදිතම වාර්තා ක්‍රි.පූ. 3වන සියවසට අයත් මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ ශිලා ලේඛනවලින් හමුවේ. තමිලකම්හි කිරුළු පළන් රජුන් තිදෙනාගෙන් අයකු වන මෙම රාජවංශය ක්‍රි.ව. 13වන සියවස තෙක් රාජ්‍ය පාලනය ගෙනගියේ ය.
චෝළ අධිරාජ්‍යය சோழப் பேரரசு | |||||||
---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 300 දශකය–ක්‍රි.ව. 1279 | |||||||
සටහන: චෝළ ධජයේ නවීන නිදර්ශනයක් (මුල් ඉතිහාසික, දළ වශයෙන්) | |||||||
ක්‍රි.ව. 1030 පමණ චෝළ අධිරාජ්‍යයේ ව්‍යාප්තිය පෙන්වන සිතියමක් | |||||||
අගනුවර | මුල්කාලීන චෝළයෝ: පූම්පුහාර්, උරෛයූර්, තිරුවරූර්, මධ්‍යතන චෝළයෝ: පලෛයාරෛ, තන්ජවූර් ගංගෛකොන්ඩ චෝළපුරම් | ||||||
පොදු භාෂාවන් | දෙමළ | ||||||
ආගම | ශෛව ආගම | ||||||
රජය | රාජාණ්ඩුව | ||||||
රජ | |||||||
• 848–871 | විජයලාය චෝළ | ||||||
• 1246–1279 | රාජේන්ද්‍ර චෝළ III | ||||||
ඓතිහාසික යුගය | මධ්‍යතන යුගය | ||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 300 දශකය | ||||||
• මධ්‍යතන චෝළයන්ගේ නැගීම | ක්‍රි.ව. 848 | ||||||
• අධිරාජ්‍යය උච්චස්ථානයට පත් වීම | ක්‍රි.ව. 1030 | ||||||
• අහෝසි කළේ | ක්‍රි.ව. 1279 | ||||||
| |||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව මාලදිවයින ශ්‍රී ලංකාව මලයාසියාව[1] ඉන්දුනීසියාව |
චෝළයන්ගේ නිජබිම වූයේ සශ්‍රීක කාවේරි ගංගා නිම්නයයි. නමුත් 9වන සියවසේ පසු කාලයේ සිට 13වන සියවසේ ආරම්භය දක්වා ඔවුන් සැලකිය යුතු තරම් විශාල ප්‍රදේශයක සිය ආධිපත්‍යය පතුරුවා ඇත. තුංගභද්රාවට පහළින් වූ සම්පූර්ණ දේශයම එක්සත් කොට ඒකීය රාජ්‍යයක් ලෙස සියවස් දෙකකට ආසන්න කාලයක් රඳවා ගැනීමට ඔවුන් සමත් විය.[2] Iවන රාජරාජ චෝළ සහ ඔහුගේ අනුප්රාප්තිකයින් වූ Iවන රාජෙන්ද්‍ර චෝළ, රාජාධිරාජ චෝළ, වීරරාජේන්ද්‍ර චෝළ සහ Iවන කුලෝතුංග චෝළ යටකේ රාජවංශය දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ යුධ, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්රයේ බලවතා බවට පත් විය.[3] අධිරාජ්‍යයේ නව බලය පෙරදිග වෙත ව්‍යාප්ත කළේ Iවන රාජේන්ද්‍ර චෝළගේ ගංගා ආක්‍රමණය මගිනි. එසේම ශ්‍රීවිජය අධිරාජ්‍යයේ නාවික අධිරාජ්‍යයේ නගර යටත් කරගැනීමට නාවික ආක්‍රමණ මෙන්ම චීනය වෙත නැවත නැවත යෙදුණු තානාපති මෙහෙවරවල් ද හේතු විය.[4] චෝළ නාවික හමුදාව පුරාතන ඉන්දියානු සාගර බලයේ උච්චස්ථානය සනිටුහන් කරයි.
1010–1200 දක්වා කාලයේ, චෝළ දේශයේ සීමා දකුණින් මාලදිවයින් දූපත් තෙක් ද, උතුරින් ආන්ධ්‍රා ප්‍රදේශ්හි ගෝදාවරී ගංගා ඉවුර තෙක් ද විහිදිණි.[5] රාජරාජ චෝළ විසින් දකුණු ඉන්දියානු අර්ධද්වීපය යටත් කරගත් අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශ ඈඳාගන්නා ලදී. එසේම මාලදිවයින් දූපත් ද ග්‍රහණයට නතු විය. රාජේන්ද්‍ර චෝළ විසින් උතුරු ඉන්දියාව වෙත සාර්ථක ආක්‍රමණ දියත් කළ අතර, ඔවුනට ගංගා නදිය ආසන්නයට පැමිණීමට හැකි විය. එසේම පාටලීපුත්‍රයෙහි පාල පාලකයා වූ මහීපාල පරාජය කිරීමට ඔහු සමත් විය. එමෙන්ම මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ ශ්‍රීවිජය නගර සාර්ථකව ආක්‍රමණය කිරීමට ද ඔහුට හැකි විය.[6] 13වන සියවසේ ආරම්භයේ චෝළ රාජවංශය පරිහානියට පත්වන්නට වූයේ පාණ්ඩ්‍ය රාජවංශයේ පිබිදීමත් සමගයි. චෝළ අධිරාජ්‍යයේ අවසන් බිඳවැටීමට හේතුවූයේ ද පාණ්ඩ්‍යයන් ය[7][8]
චෝළයෝ දිගුකාලීන දායාදයක් උරුම කළහ. දෙමළ සාහිත්‍යය කෙරෙහි ඔවුන් දැක්වූ අනුග්‍රහට සහ දේවාල ඉදිකිරීම කෙරෙහි ඔවුන් දැක්වූ උනන්දුව හේතුවෙන් දෙමළ සාහිත්‍යයේ සහ ගෘහනිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨ නිර්මාණ කිහිපයක් මෙම යුගයේ බිහි විය.[3] චෝළ රජවරුන් ගෘහනිර්මාණය කෙරෙහි මහත් ගිජුකමක් දැක්වූ අතර, ඔවුන්ගේ රාජධානි තුළ දේවාල, වන්දනා ස්ථාන ලෙස පමණක් නොව ආර්ථික කටයුතුවල මධ්‍යස්ථානයන් ලෙස ද පැවතිණි.[9][10] මධ්‍යගත රජයක ආකාරයේ රජයයක් බිහිකිරීමට මූලික වූ චෝළයෝ ශික්ෂිත නිලධාරීක්රමයක් ස්ථාපනය කළහ. චෝළ කලා සම්ප්රදාය අග්නිදිග ආසියාව කෙරෙහි ව්‍යාප්ත වූ අතර, අග්නිදිග ආසියානු ගෘහනිර්මාණය සහ කලාවන් කෙරෙහි එය බලපෑවේ ය.[11][12]