චන්ද්‍රකාන්තා (2017 රූපවාහිනී කතාමාලාව)
From Wikipedia, the free encyclopedia
චන්ද්‍රකාන්තා යනු ඉදිරියේ දී විකාශය වීමට නියමිත ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙය කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වනු ඇත.[1] මෙම අධිස්වාභාවික ෆැන්ටසි ත්‍රාසකය මගින් චන්ද්‍රකාන්තා කුමරියගේ කථා පුවත නිරූපණය වේ. මෙම වැඩසටහන නිෂ්පාදනය කොට ඇත්තේ ඒක්තා කපූර් විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් සන්නාමය යටතේ ය. මෙම කතාමාලාව මගින් කලර්ස්හි නාගින් 2 විස්ථාපනය කෙරෙනු ඇත. කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මධුරිමා ටුලි, ඌර්වෂි ධෝලාකියා සහ විශාල් ආදිත්‍ය සිං විසිනි. චන්ද්‍රකාන්තා විකාශය ඇරඹීමට නියමිතව ඇත්තේ 2017 ජූනි 24 දින ය.
Quick Facts මෙලෙසද හැඳින්වේ, ප්‍රභේදය ...
ගොනුව:Chandrakantha colors poster.jpg | |
මෙලෙසද හැඳින්වේ | චන්ද්‍රකාන්තා |
---|---|
ප්‍රභේදය | අධිස්වාභාවික ෆැන්ටසි |
තැනුවේ | ඒක්තා කපූර් |
රඟපෑම | මධුරිමා ටුලි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
නිෂ්පාදක(යෝ) | ශෝභා කපූර් ඒක්තා කපූර් |
ස්ථානය(න්) | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 43 – 90 |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
රූප ආකෘතිය | 576i (PAL) 1080i (HDTV) |
Original airing | සැලසුම් කොට ඇත්තේ 24 ජුනි 2017 (2017-06-24) |
නිල වෙබ්අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
Close