ගයා, ඉන්දියාව
ඉන්දියාවේ බිහාරයේ පූජනීය නගරය / From Wikipedia, the free encyclopedia
ගයා යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දකුණු පෙදෙසෙහි පිහිටි ඓතිහාසික වැදගත්කමක් සහිත ප්‍රධාන සංචාරක ආකර්ෂණස්ථානයකි. ගයාව පිහිටියේ බිහාරයේ අගනගරය වන පැට්නාවට 116 කිලෝමීටර (72 mi) පමණ දකුණට වන්නට ය. මෙය එම ප්‍රාන්තයේ දෙවන විශාලතම නගරය වන අතර, 470,839ක ජනගහනයකින් යුක්ත ය. එසේම මෙය ගයා දිස්ත්‍රික්කයේ සහ මගධ් මණ්ඩලයේ මූලස්ථානය ද වේ. නගර පැති තුනකින් කුඩා කඳුගැට ත්‍රිත්වයක් මඟින් (මංග්ලා-ගෞරි, ශෘංග-ස්ථාන්, රාම්-ශිලා, සහ බ්රහ්මයෝනී) වටවී ඇති අතර, එහි නැගෙනහිරින් ඵාල්ගු ගඟ ගලා බසියි.
ගයා | |
---|---|
මහනගර සභාව | |
ගයාවේ විෂ්ණුපාද මන්දිරය, මෙහි විෂ්ණු දෙවියන්ගේ පා සටහන් ඇතැයි පැවසේ; ගයා ගුවන්තොටුපල | |
බිහාරය තුළ ගයාවේ පිහිටීම | |
ඛණ්ඩාංක: 24.75°N 85.01°E / 24.75; 85.01 | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | බිහාර් |
කලාපය | මගධ |
කොට්ඨාසය | මගධ් කොට්ඨාසය |
දිස්ත්‍රික්කය | ගයා |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | නාගරික සංස්ථාව |
• ඉහළම අධිකරණය | ගයා නගර් නිගම් |
• නගරාධිපති | ගනේෂ් පාස්වන් |
සරිය[1][2] | |
• මුළු | 308 කිමී2 (119 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 2වන |
උන්නතාංශය | 111 මී (364 අඩි) |
ජනගහණය(2011) | |
• මුළු | 470,839[3] |
• අනුස්ථිතිය | 102 (ඉන්දියාව) 2වන (බිහාරය) |
• ඝණත්වය | 9,490/කිමී2 (24,600/වර්ග සැත) |
ජනනාමය(න්) | ගයානු, ගයාවී[4] |
භාෂා | |
• නිල | හින්දි, උර්දු |
• කථන | මාගධී, හින්දි, උර්දු |
වේලා කලාප | IST (UTC+5:30) |
PIN | 823001 - 13 |
දුරකථන කේතය | 91-631 |
ISO 3166 කේතය | IN-BR |
වාහන ලියාපදිංචිය | BR-02 |
දුම්රිය ස්ථානය | ගයා සන්ධිය |
ගුවන්තොටුපල | ගයා අන්තර්ජාතික ගුවන්තොටුපල |
වෙබ් අඩවිය | gayamunicipal.net/ |
ගයාව ජෛන, හින්දු, සහ බෞද්ධ යන ආගම් තුන සඳහාම වැදගත් ස්ථානයකි. ගයාව පිළිබඳ ඉන්දීය මහා වීරකාව්‍ය වන රාමායණය සහ මහාභාරතය තුළ සඳහන් ය. ඒ අනුව රාම, සීතා සහ ලක්ෂ්මණ සිය පියා වූ දශරථ වෙනුවෙන් පිඬු දානයක් ලබාදුන්නේ මෙහි දී ය එම නිසා මෙම ස්ථානය පිණ්ඩාදාන චාරිත්‍රය උදෙසා වැදගත් හින්දු වන්දනා ස්ථානයක් වේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වුණු බුද්ධ ගයාව පිහිටියේ ද මෙහි වන අතර, එය බුද්ධාගමේ එන ප්‍රධාන ශුද්ධ ස්ථාන සතරෙන් එකකි. බුද්ධ ගයාවෙහි පිහිටි මහාබෝධි විහාර සංකීර්ණය ලෝක උරුම අඩවියක් ද වේ.