![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ee/Coptic_monks.jpg/640px-Coptic_monks.jpg&w=640&q=50)
කොප්ට්වරු
From Wikipedia, the free encyclopedia
කොප්ට්වරු යනු ඊජිප්තුවෙහි ස්වදේශීය ක්රිස්තියානිවරුන් (කොප්ටික: ⲟⲩⲢⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ̀ⲛ̀Ⲭⲣⲏⲥⲧⲓ̀ⲁⲛⲟⲥ ou.Remenkīmi en.Ekhristianos ; ඊජිප්තියානු අරාබි: اقباط, IPA: [[උදවු:ඊජිප්තියානු අරාබි සඳහා IPA [ɑʔˈbɑːtˤ|උදවු:ඊජිප්තියානු අරාබි සඳහා IPA [ɑʔˈbɑːtˤ]]]) වන අතර, ඊජිප්තුවෙහි ප්‍රධාන වාර්ගික-ආගමික කණ්ඩායමක් සහ එහි විශාලතම ක්‍රිස්තියානි කණ්ඩායම වෙයි.
මුළු ජනගහණය | |
---|---|
10 සිට 20 මිලියන දක්වා ![]() කොප්ටික ඊජිප්තියානු පිරිමින් [1] (ඇස්තමේන්තු වෙනස් විය හැක) | |
සැලකිය යුතු තරම් ජනගහණයක් ඇති ප්‍රදේශ | |
![]() | ඇස්තමේන්තු මිලියන 5 සිට 15 දක්වා පරාසයක පිහිටයි[3] (බලන්න ඊජිප්තුව තුල ආගම) |
![]() | 0.5 මිලියන පමණ |
![]() | 0.2 සිට 1 මිලියන පමණ[4][5][6][7] [8] |
![]() | 0.2 මිලියන පමණ[විශ්වාසනීය නොවන මූලාශ්‍රය?][1][භින්න වූ සබැඳිය][9][භින්න වූ සබැඳිය] |
![]() | 75,000 පමණ (2003)[10] |
![]() | 30,000 පමණ |
ආගම් | |
ප්රමුඛ වශයෙන්: කොප්ටික ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගම. සුළුතරයෝ: කොප්ටික කතෝලික ආගම; බොහෝ ප්‍රොතෙස්තන්ත සුළුතරයෝ | |
ධර්ම පුස්තක | |
බයිබලය | |
භාෂා | |
ඊජිප්තියානු අරාබි භාෂාව දේවධර්මීය: කොප්ටික |
ක්‍රි.ව. 400–800 දක්වා අතිමහත් බහුතරයක ආගම වූයේ ක්‍රිස්තියානි ආගම වූ අතර, මුස්ලිම්වරුන් විසින් යටත් කරගැනීමෙන් පසුව වුවද 10වන සියවසෙහි මැද භාගය වන තුරු බහුතරයකගේ ආගම එය වූ අතර [11] තවමත් සැලකිය යුතු සුළුතර ජනගහණයක ආගම ලෙසින් ක්‍රිස්තියානි ආගම පවතියි. ඓතිහාසික වශයෙන් සැලකූ කළ, ඔවුහූ, රෝමානු යුගයෙහි භාවිතාවූ ජනසම්මත ඊජිප්තියානු භාෂාවෙහි සෘජු පැවතෙන්නක් වන, කොප්ටික භාෂාව කතා කළ මුත්, දැනට එය අභාවයට-යන තරම් තත්ත්වයක පවතින අතර, 18 වන සියවසෙහි සිට බොහෝ ලෙසින් දේව මෙහෙය ආශ්රිත කටයුතු වලට පමණක් සීමා වි පවතියි. ඔවුහු දැන් අරාබි භාෂාව කතා කරති.
ඊජිප්තුවෙහි කොප්ට්වරුන් විසින් මැද-පෙරදිග විශාලතම ක්‍රිස්තියානි ප්‍රජාව සදන අතර, එය ප්‍රදේශයෙහි විශාලතම ආගමික සුළුතරයද වෙමින්, ඊජිප්තියානු ජනගහණය අතර ඇස්තමේන්තුගත 10% ප්‍රමාණයක් සහිත වෙති. [12]
බොහෝ කොප්ට්වරුන් විසින් අදහනු ලබන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව වෙයි. [13][14][15] 800,000 පමණවූ ඉතිරිය[16] කොප්ටික කතෝලික සහ බොහෝ කොප්ටික ප්‍රොතෙස්තන්ත සභාවන් අතර බෙදී සිටිති.