![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b5/Assorted_pharmaceuticals_by_LadyofProcrastination.jpg/640px-Assorted_pharmaceuticals_by_LadyofProcrastination.jpg&w=640&q=50)
ඖෂධවේදීමය බෙහෙත්
From Wikipedia, the free encyclopedia
ඖෂධ ලෙස සාමාන්‍යයෙන් ව්‍යවහාරවන ඖෂධවේදීමය බෙහෙත් යනු ඖෂධවේදීමය ක්‍රියාකාරිත්වයක් සහිත රසායනික ද්රව්යයවේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b5/Assorted_pharmaceuticals_by_LadyofProcrastination.jpg/640px-Assorted_pharmaceuticals_by_LadyofProcrastination.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/65/12-08-18-tilidin-retard.jpg/640px-12-08-18-tilidin-retard.jpg)
සාමාන්‍ය වශයෙන් ව්‍යහාරයේ දැක්වෙන පරිදි බෙහෙතක් වන අතර එය යම්කිසි රෝගයක් වළක්වා ගැනීම, සුවකර ගැනීම, වේදනාවක් අඩුකර ගැනීම හෝ ආතතිය , බඩගින්න හෝ යම්කිසි අපහසුතාවයක් මගහරවා ගැනීම පිණිස භාවිතා කරන ද්‍රව්‍යයකි. ඖෂධ භාවිතා කිරීම යනු යම්කිසි රෝග අවස්ථාවකදී ඖෂධයක් නිසි පරිදි පරිහරණය කිරීමයි. මෙයට තවත් සමාන යෙදුමක් වනුයේ භිෂග් චිකිත්සාවයි. ඖෂධ මගින් ප්‍රතිකාර ලබාදීම යනු යම්කිසි රෝගයක් සුව කිරීමේ අභිප්‍රායෙන් යම්කිසි ඖෂධයක් පරිහරණය කිරීමයි. මෙමගින් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී භාවිතාවන ක්රමෝපායන් හා කායික වෛද්‍ය විද්‍යාවේදී සිදු කරන ප්‍රායෝගික යොදා ගැනීම් අතර වෙනස පැහැදිලි වේ. මෙම අංශ දෙකෙහි ප්‍රායෝගික යොදා ගැනීම් අතර වෙනස වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසයෙහි සදහන් වේ. සායනික ක්‍රියාකාරකම්වල දී ඖෂධ පරිහරණය කිරීම සායනික ඖෂධ විද්‍යාව ලෙස හැදින්වේ. (Clinical Pharmacology) මෙලෙස ඖෂධ යොදා ගෙන ප්‍රතිකාර කිරීම මගින් කායික වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රවල ප්‍රායෝගික යොදා ගැනීම් අතර වෙනස පැහැදිලි වේ.