ඔලිම්පියාවේ සියුස් ප්රතිමාව
From Wikipedia, the free encyclopedia
ඔලිම්පියාවේ සියුස් ප්රතිමාව යනු ක්රි.පූ. 435 අවට කාලයේ ග්රීසියේ ඔලිම්පියා සිද්ධස්ථානයේ ග්රීක ප්රතිමා ශිල්පී ෆීඩියස් විසින් නිර්මාණය කරන ලද 13 m (43 ft) පමණ උසැති[1] හිඳි ප්රතිමාවකි. මෙය එහි සියුස් දේවස්ථානයේ තැන්පත් කොට තිබිණි. දැවමය රාමුවක් මත ඇත්දත් ඵලක සහ රන් පනේල ආධාරයෙන් නිමවූ මෙම ප්රතිමාව මගින් කළුවර, ඇත්දත්, රක් සහ වටිනා පාෂාණ එබ්බවූ දේවදාර ආසනයක් මත හිඳගත් සියුස් දෙවියන්ගේ රුව නිරූපණය වේ. පුරාතන ලෝකයේ පුදුම හතෙන් එකක් වන මෙය,[2] ක්රි.ව. 5වන සියවසේ දී අතුරුදන් සහ විනාශ වී ඇත. මෙහි කිසිදු අනුරුවක් මෙතෙක් හමුවී නැති අතර, එහි ස්වරූපය පිළිබඳ විස්තර ලැබෙන්නේ පුරාතන ග්රීක තොරතුරු සහ කාසි තුළින් පමණි.