![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/si/thumb/2/26/Soorya_Diyani_poster01.jpg/640px-Soorya_Diyani_poster01.jpg&w=640&q=50)
එම්ප්‍රස් කි (රූපවාහිනී කතාමාලාව)
From Wikipedia, the free encyclopedia
එම්ප්‍රස් කි (කොරියානු: 기황후; හන්ජා: 奇皇后; ප්‍රරෝ: ගි හ්වංහු) යනු කොරියානු ව්‍යාජ-ඓතිහාසික රූපවාහිනී මාලානාට්යයකි. මෙහි ප්‍රධාන නිළිය වන හා ජි-වොන් විසින් ගි අධිරාජිනියගේ චරිතය නිරූපණය කරනු ලබයි.[1] මෙය 2013 ඔක්තෝබර් 28 දින සිට 2014 අප්‍රේල් 29වන දින දක්වා දකුණු කොරියාවේ MBC නාළිකාව මගින් සදුදා සහ අගහරුවාදා දිනවල එරට වේලාවෙන් 21:55ට කථාංග 51කින් යුක්තව විකාශය කරන ලදී.
Quick Facts ප්‍රභේදය, රචනය කලේ ...
![]() “එම්ප්‍රස් කි” සදහා ප්‍රවර්ධන පෝස්ටරයක්. වමේ සිට දකුණට: තා හ්වන්, කි සං-න්යං සහ වං යූ | |
ප්‍රභේදය | ඓතිහාසික කාලාන්තර නාට්‍ය ප්‍රේමවෘත්තාන්ත |
---|---|
රචනය කලේ | ජං යොං-චුල් ජුං ක්යුං-සූන් |
අධ්‍යක්ෂණය කලේ | හන් හී ලී සුං-ජූන් |
රඟපෑම | හා ජි-වොන් ජූ නිම්-මෝ) ජි චං-වූක් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 51 |
විධායකනිෂ්පාදක(යෝ) | ජූ සුං-වූ |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | මිනිත්තු 60 සදුදා සහ අගහරුවාදා 21:55ට (KST) |
නිෂ්පාදන සමාගම | ලී කිම් නිෂ්පාදකයෝ |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව (MBC) |
මුල් ධාවනය | ඔක්තෝබර් 28, 2013 (2013-10-28) – අප්‍රේල් 29, 2014 (2014-04-29) |
පූර්වගමනය වනුයේ | Goddess of Fire |
අනුගමනය වනුයේ | Triangle |
වෙබ් අඩවිය |
Close
මුලින් මෙම නාට්‍යය සදහා යොදා තිබුණේ හ්වාතු (කොරියානු: 화투; සාහිත්‍යමය. "පුෂ්පයන්ගේ සටන")යන නාමයයි. නමුත් එය පසුව “එම්ප්‍රස් කි ” '(කි අධිරාජිනිය) ලෙස වෙනස් කරන ලද්දේ එයට සමාන නමක් තිබූ ප්ලේයිං කාඩ්ස් නාට්‍යය සමග වරදවා වටහා ගැනීම වැළැක්වීමටයි.[2]