එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙහි ඕස්ට්‍රේලියානු සංචාරය, 1882-83
From Wikipedia, the free encyclopedia
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 1882-83 කාලසීමාවෙහිදී ඕස්ට්‍රේලියාවෙහි සහ ලංකාවෙහි සංචාරයක යෙදුනහ .
අයිවෝ බ්ලයිගේ නායකත්වය දැරූ කණ්ඩායම වෙත ආයාචනය කරනු ලැබුනේ, "එම භෂ්මාවශේෂ (අළු) යළි අත්පත් කරගෙන පැමිණෙන" ලෙසට වූ අතර, මෙම ඉල්ලාසිටීම පූර්ව එංගලන්ත ක්‍රීඩා වාරයෙහිදී එංගලන්තය ඕවල් ක්රීඩාංගනයෙහිදී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව පුවත්පත් වල පලකෙරුනු ජනප්‍රිය "සමාදානයේ සැතපේවා" (මරණ) දැන්වීම හා බැඳුනක් විය.
ආරම්භයෙහිදී, ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කිරීමට කටයුතු සූදානම් කර තිබූ අතර එංගලන්තය විසින් පළමු තරගය පරාජය වීමෙන් අනතුරුව ඊළඟ තරග දෙක දිනාගන්නා ලදි. සිද්ධීන් සිදුවු නියමාකාරය කිසිවෙකු විසින් සහතික කොට ප්‍රකාශ කොට නොමැති වුවද, එංගලන්තය විසින් තුන්වන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව පිළිස්සූ බේල් එකක අළු අඩංගු යැයි විශ්වාස කෙරෙන කුබා බඳුනක් අයිවෝ බ්ලයි වෙත ප්රදානය කර තිබේ. ඔහු විසින් මෙය එංගලන්තය වෙත ගෙන එන ලද අතර වර්තමානයෙහි එය ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටියෙහි පිහිටි කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති අතිශයින්ම ජනප්‍රිය ප්‍රදර්ශන භාණ්ඩය වෙයි. එතැන් පටන් එංගලන්තය හා ඕස්ට්‍රේලියාව මෙම පුරාවෘත්තීය අළු බඳුන සඳහා තරග වදිති.
මෙම සංචාරයෙහි "සතරවන ටෙස්ට් තරගය" සඳහා පිළිවෙල කෙරුනේ මූලික තරග මාලාව අවසන් වූ පසුව හිටි අඩියේ ය.