ඉරාක යුද්ධය
From Wikipedia, the free encyclopedia
ඉරාක යුද්ධය යනු 2003 මාර්තු 20 දින ඇරඹුණු ලෝකයේ විවිධ රටවල් සහය පළකල සංහාරයකි. එය ඇමරිකා එක්සත් ජනපදයේ මුලිකත්වය යටතේ ක්‍රියාත්මක වු අරත මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, පෝලන්තය යන රාජ්‍යවලද සහය පළවිය. මෙය ඉරාකය නිදහස් කරගැනීමේ මෙහෙයුම ලෙසද හැඳින්වින.
ඉරාක යුද්ධය | |||||||
---|---|---|---|---|---|---|---|
ත්රස්තවාදයට එරෙහි යුද්ධය හි කොටසකි | |||||||
![]() දක්ෂිණාවර්තව, උඩු වම් කෙළවරෙන් පටන් ගෙන: සාමරාහී ඒකාබද්ධ මුර සංචාරයක්; ෆර්ඩොස් චතුරස්‍රයෙහිදී සදාම් හුසේන් ප්‍රතිමාව පෙරලීම; පහරදීමකදී ඉරාක හමුදා සොල්දාදුවෙක් ඔහුගේ රයිෆලය සූදානම් කරයි; මග අසබඩ බෝම්බයක් දකුණු බැග්ඩෑඩයේදී පුපුරායමින්. | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
|
ත්‍රස්තවාදී කණ්ඩායම්: ත්‍රස්තවාදී කණ්ඩායම් අතර සටන් සඳහා, ඉරාකය තුල සිවිල් යුද්ධය බලන්න. |
ඉරාකය අල්කයිමා සංවිධානයට උදව් කිරීමත්, නීතිවිරෝධි ගිනි අවි නිෂ්පාදනය,ඉරාකය ආක්‍රමණය කිරීමට මුලික හේතු දෙක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ දැක්වුයේ ය. නමුත් ආක්‍රමණ අතරතුර එවැනි ගිනිඅවි සොයාගැනීමට අපොහොසත් වු අතර බොහෝ දෙනෙකුගේ මත වුයේ ඉරාකය එවැනි ගිනිඅවි නිපදවීම බොහෝ කලකට පෙර නතර කර දැමු බවය.
සමහරකුගේ මතය වුයේ ඇමරිකා එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීමට හේතු වුයේ පලස්තින බෝම්බ කරුවන්ට ඉරාකය උපකාර කිරීම, ඉරාක රජය මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ඉරාකීය තෙල් ආර්ථිකය යන සාධක නිසා බවයි.
ආක්රමණයේ ප්‍රතිඵලයක් ලෙස 2003 දෙසැම්බර් මාසයේදී ඉරාක ජනාධිපති සදාම් හුසේන් අත්අඩංගුවට පත්වු අතර 2006 දෙසැම්බර් මාසයේදී ඔහු එල්ලා මරනු ලැබීය. ඉන්පසු ඉරාක පිරිස් සහ අල් කයිඩා සංවිධානයේ විවිධ විරෝධතා ඇමරිකානු හමුදා වෙත එල්ල විය.
මෙම ආක්‍රමණය නිසා මිලියනකට අධික මරණ සංඛ්‍යාවක් සිදුවු බවට ඇස්තමේන්තු ගත කර ඇත.
ඉරාකය ආක්‍රමණය සඳහා ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් W බුෂ් ප්රමුඛ එකමුතුව මගින් ප්‍රධාන හේතු යුගලක් ගෙනහැර දක්වන ලදී. ඉන් පළමුවැන්න වූ ඉරාකය අල්කයිඩා සංවිධානයට ඍජුව සහයෝගය දක්වන බවට වූ චෝදනාවයි. දෙවැන්න වූයේ ඉරාකය සතුව සමූල ඝාතක අවි පවතින බවත් 1991 එකඟතාවය බිඳ හෙළමින් ඔවුන් තව දුරටත් සමූල ඝාතක අවි නිෂ්පාදනය කරන බවට වූ චෝදනාවයි. මෙම චෝදනා යුගල සඳහාම ඇමරිකානු ඔත්තු සේවා මගින් යම් ප්‍රමාණයක එකඟතාවක් දක්වන ලදී.
යුද්ධය ආරම්භයේදී එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කළේ ඉරාකය එක්සත් ජනපදයට , එහි ජනතාවට , මිත්‍ර රටවලට සහ වැදගත් ක්‍රියාකාරකම්වලට ප්‍රභල අවදානමක් එල්ල කරන බවයි. කෙසේ නමුත් මෙම ප්රකාශයන්ට මුල් වූ බුද්ධි තොරතුරු දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර ආයුධ පරීක්ෂකයන්ට සමූල ඝාතක අවි පැවති බවට කිසිදු සාධකයක් හමු නොවීය. ඉරාක ආක්‍රමණය අවසානයේදී ඉරාකය සම්බන්ධ සමීක්ෂණ කණ්ඩායම් තම සොයා ගැනීම් ප්‍රකාශයට පත් කළ අතර ඔවුන්ට අනුව ඉරාකය තම සමූල ඝාතක අවි වැඩපිළිවෙල 1991 වසරේදී නවතා දමා ඇති අතර ඇමරිකා ආක්‍රමණය වන විට ඔවුන් සතුව සමූල ඝාතක අවි නොවීය. කෙසේ නමුත් ඉරාක සම්බාධක ඉවත් කළ විට නැවත සමූල ඝාතක අවි නිෂ්පාදනය කිරීමේ අදහසක් ඔවුන් සතු වූ බවද සමීක්ෂණ කණ්ඩායමේ මතය විය. ඉරාකය තුළ විනාශයට පත් වූ නැතහොත් අත්හැර දමන ලද පැරණි සමූල ඝාතක අවි කොටස් හමු වූ නමුත් ඒවා ආක්‍රමණය සාධාරණීකරණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඇතැම් එක්සත් ජනපද නිලධාරීන් සදාම් හුසේන් සහ අල්කයිඩා සංවිධානය අතර සම්බන්ධතා පැවති බවට ප්‍රකාශ කළ නමුත් එවැනි සම්බන්ධතාවයක් පිළිබඳ කිසිදු සාධකයක් සොයාගත නොහැකි විය. ඉරාක ආක්‍රමණය සඳහා නිලධාරීන් විසින් ඉදිරිපත් කළ අනෙකුත් හේතු අතරට පලස්තීන මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පවුල්වලට ඉරාකය මගින් මූල්‍යමය ආධාර සැපයීම , ඉරාක රජය මගින් මානව හිමිකම් උල්ලංගනය කිරීම යන චෝදනා සහ ප්රජාතන්ත්රවාදය පැතිරවීම සහ ඉරාක ඛනිජ තෙල් නිධි යනාදියත් අයත් වේ. කෙසේ නමුත් මේ අතරින් තෙල් නිධි සම්බන්ධ අරමුණු ඇතැම් නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.
මෙම ආක්රමණයේ ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින්ම ඉරාක හමුදාව පරාජයට ලක් වූ අතර ජනාධිපති සදාම් හුසේන් පළායන ලදී. අනතුරුව 2003 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු අල්ලා ගන්නා ලද අතර 2006 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහුට එරෙහිව මරණ දණ්ඩණය ක්‍රියාත්මක කරන ලදී. මේ අතර එක්සත් ජනපද ප්රමුඛ ඒකාබද්ධ හමුදාවන් තව දුරටත් ඉරාකයේ රැඳී සිටිමින් ප්රජාතන්ත්රවාදී රජයක් ගොඩනැගීමට උත්සාහ කළේය. කෙසේ නමුත් මුල් ආක්‍රමණයෙන් කෙටිකලක් ගතවත්ම ඒකාබද්ධ හමුදාවන්ට එරෙහිව සහ විවිධ ආගමික කණ්ඩායම් අතර ප්රචණ්ඩ ක්‍රියා හටගන්නා ලදී. මේත් සමගම අසම මිතික යුධ තත්වයක් ඇති වූ අතර සුන්නි සහ ෂියා මුස්ලිම් කණ්ඩායම් අතර ගැටුම් හට ගැනීමත් ඉරාකය තුළ අල්කයිඩා සංවිධානය ක්‍රියාත්මක වීමත් සිදු විය. මෙම තත්වයන් හේතුවෙන් සමස්තයක් ලෙස මිය ගිය ප්‍රමාණය සම්බන්ධ ඇස්තමේන්තු 150000 ට වැඩි සංඛ්‍යාවක සිට මිලියන එකකට අධික සංඛ්‍යාවක් දක්වා දිවේ. මේ අතර ඒකාබද්ධ හමුදා කණ්ඩායම් අතරින් ඇතැම් රටවල් තම සේනාංකයන් ඉවත් කර ගන්නා ලදී. මේ සඳහා එම රටවල ගොඩනැගුණු ජනමතයද හේතු විය. ක්‍රමයෙන් ඉරාක හමුදාවන් ආරක්ෂක වගකීම් බාර ගැනීම ආරම්භ කිරීමත් සමග හමුදාවන් ආපසු කැඳවා ගැනීම ක්‍රමයෙන් ඉහළ ගියේය.