ඉන්දියාවෙහි ජනාධිපතිවරණයක් 2017 ජූලි 17 වන සඳුදා දිනයෙහිදී පැවැත්වුණු අතර ඡන්ද ගණන් කර ප්රතිඵල නිකුත් කෙරුණේ ජූලි 20 දින බ්රහස්පතින්දාය. 2017 ජූලි 24 දිනදී නිල කාලය අවසන්වීමට නියමිත ජනාධිපති ප්රනාබ් මුඛර්ජි,[2] යළි-මැතිවරණයකට මුහුණදීම ප්රතික්ෂේප කලේය.
Quick Facts ඡන්දය ප්රකාශ කල ප්රමාණය, අපේත්ෂකයා ...
ඉන්දියානු ජනාධිපතිවරණය, 2017![ඉන්දියාව](//upload.wikimedia.org/wikipedia/commons/thumb/4/41/Flag_of_India.svg/50px-Flag_of_India.svg.png)
|
---|
|
ඡන්දය ප්රකාශ කල ප්රමාණය | 99% (ඇස්තමේන්තුගත)[1] ![Increase](//upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b0/Increase2.svg/11px-Increase2.svg.png) |
---|
|
|
|
Close
පාලක ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය සභාගයෙහි සහයෝගය බිහාරයෙහි ආණ්ඩුකාරවර භාරතීය ජනතා පක්ෂයෙහි රාම් නාත් කෝවින්ද් හට හිමිවුනු අතර, මැතිවරණයෙහිදී විපක්ෂ අපේක්ෂක ඉන්දියානු ජාතික කොංග්රසයෙහි මීරා කුමාර් සමග තරග වැදිණි. ෆෙඩරල්, රාජ්ය සහ සංගම් ප්රදේශ ව්යවස්ථාදායකයන්ගේ තේරී පත්වූ මන්ත්රීවරුන් වෙතින් සමන්විතවූ මැතිවරණමය පර්ෂදයෙහි ඡන්ද වෙතින් දළවශයෙන් තුනෙන් දෙකක් අත්පත් කර ගැනුමට කෝවින්ද් සමත්වූ අතර ජනාධිපතිවරයා ලෙසින් වසර පහක් ධූර කාලයකට තේරී පත්විය. [3] කෝවින්ද්ගේ ධූරන්දර කාලය ඇරඹෙන්නේ 2017 ජූලි 25 දිනදීය.