ඇමරිකාවන්
මහාද්වීපය / From Wikipedia, the free encyclopedia
ඇමරිකාවන්, හෝ ඇමරිකානු මහාද්වීපය,[2][3][4] යනු නව ලෝකය ලෙසින්ද හැඳින්වෙන, බටහිර අර්ධගෝලයෙහි භූමිප්‍රදේශයන් වෙති. උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව යන මහාද්වීපයන් හා,[5]ඒවාට ආශ්රිත දිවයින්ද අඩංගුව, ඒවා පෘථිවියේ මුළු පෘෂ්ඨ වර්ගප්‍රමාණයෙන් 8.3% ක් ආවරණය කරයි (එහි භූමි වර්ගප්‍රමාණයෙන් 28.4% ක්). භූ-ලක්ෂණ අභිභවනය කරන්නේ, බටහිර වෙරළ ඔස්සේ දිවෙන දිගු කඳු දාමයක් වන, ඇමරිකානු කෝඩිලේරාව විසිනි. ඇමරිකාවන්හී වඩාත් පැතැලි නැගෙනහිර පෙදෙස අභිභවනය කරන්නේ, ඇමේසන්, මිසිසිපි, සහ ලප් ලාටා වැනි විශාල ගංගා ද්‍රෝණි වලිනි. උතුරු-දකුණු දිශානතියට 14,000 කිමී (8,699 සැත) ප්‍රමාණයක් පුරා පැතිරෙන ඇමරිකාවන් හරහා, දේශගුණය සහ පරිසර විද්‍යාව දැඩි ලෙසින් විචලනයට භාජනය වීම, උතුරු කැනඩාවෙහි, ග්‍රීන්ලන්තයෙහි, සහ ඇලස්කාවෙහි ආක්ටික් තුන්ද්‍රා සිට, මධ්‍යම ඇමරිකාවෙහි සහ දකුණු ඇමරිකාවෙහි නිවර්තන වැසි වනාන්තර දක්වා ව්‍යාප්තිය කුලින් පිළිබිඹු වෙයි.