ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලය
From Wikipedia, the free encyclopedia
ඇන්ඩ්‍රොමීඩා යනු 2වන සියවසේ විසු ග්‍රීක-රෝමානු තාරකා විද්‍යාඤ පුටෝනොමිගේ නාමාවලියට අනුව 48ක් වන චක්‍රාවාට සහ නුතන නාමාවලියට අනුව 88ක් වන චක්‍රාවාටවලින් එකකි. එය ඛගෝල සමකයට උතුරු දෙසින් පිහිට ඇත . පුරාණ ග්‍රීක කතන්දර වල සඳහන් වන ඇන්ඩ්‍රොමීඩා කුමරිය නමින් හඳුන්වා අති මෙම චක්‍රාවාටය නම් කර අත්තේ අහසේ අපහට පෙනීයන පෙදෙස එනම් ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශියට අනුවයි. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය ශරත් ඍථුවෙදී උතුරු අර්ධගෝලයට වඩාත් පැහැදිලිව දිස්වේ.එහි උතුරු දෙසට අනත විම හේතුවෙන් මෙය දිස් වන්නේ උතරු අර්ධ අර්ධගෝලයේ 40°කලාපයකට පමණි .අනෙක් කොටස ෂිතිජයට පහලින් නිරීක්ෂණය කල යතුය . වර්ග එකක 722ක් විශාල මෙම චක්‍රාවාටය විශාලතම චක්රාවාටයන්ගෙන් එකකි.මෙය සද මෙන් 1400ගුණයක් විශාල වන අතර විශාලතම චක්‍රාවාටය වන හයන්ද්රගේ විශාලත්වයෙන් 55%කි .එමෙන්ම කුඩාම චක්‍රාවාටය වන ක්රුෂ් මෙන් 10 ගුණයක් විශාල වේ.
තාරකා මණ්ඩලය | |
කෙටි යෙදුම | And |
---|---|
අර්ථය | කාන්තාව |
දකුණු ආරෝහණය | 23h 25m 48.6945s – 02h 39m 32.5149s |
ක්‍රාන්තිය | 53.1870041°–21.6766376° |
පවුල | පර්සියස් |
වර්ගඵලය | 722 sq. deg. (19) |
ප්‍රධාන තාරකා | 16 |
මුළු තාරකා | 65 |
ග්‍රහමණ්ඩලයක් ඇති තාරකා ගණන | 12 |
දීප්තිය 3.00m වැඩිතාරකා | 3 |
10.00 pc (32.62 ly)ක දුර තුළ ඇති තාරකා | 3 |
දීප්තිමත්ම තාරකාව | α And (ඇල්ෆරාට්ස්) (2.07m) |
ආසන්නතම තාරකාව | රෝස් 248 (10.30 ly, 3.16 pc) |
මෙසියර් දේහ | 3 |
උල්කාපතා වර්ෂා | ඇන්ඩ්රොමීඩිඩ්ස් (බීලිඩ්ස්) |
වටවී ඇති තාරකා මණ්ඩල |
|
දර්ශනය වන අක්ෂාංශ +90° හා −40° අතර. හොඳම දර්ශනය වීම 21:00 (ප.ව. 9) ට නොවැම්බර් මාසයේදී. |
ඇල්පා ද්විථික තාරකාව මෙහි විශාලතම තාරකාව වන අතර එය පෙගසුස් තාරකාවට ප්රටිවිරුද්ධව ක්රියාකරයී.ගැමා තරකාව ආධුනික තාරකා විද්යාඤඤයන්ගේ අවදානයට හසුවන දීප්තිමත් තාරකාවකි.ඇල්පා තාරකාවට වඩා සුළු ප්රමානයකින් දීප්තියෙන් අඩු බීටාතාරකාව රතු පැහැයෙන් යුක්ත අතර එහි වර්ණය පියවි ඇසට දැක ගත හැක . ඉතාමත්ම ගැබුරු අහසෙහි පියවි ඇසට දැකිය හැකි අකාශ වස්තුව මෙය වන අතර ක්ෂීරපථයට සමීපවම ඇති ස්ර්පිලාකාර චක්‍රාවාටය වේ.M31 චක්‍රාවාටයට අයත් M110 සහ M32 වැනි බොහෝ දුර්වල චක්‍රාවාට සහ බොහෝ දුරින් පිහිටි NGC891 වැනි චක්‍රාවාට ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය තුල පිහිට ඇත. Blue Snowball නිහාරිකාව සහ planetary නිහාරිකාව යන චක්‍රාවාට දුරේක්ෂය මගින් නිල් පැහැති සර්පිලාකාර වස්තුන් ලෙස නිරීක්ෂණය හැකිය.
ජෝතිර්වේදය හා පුරාවෘත්ත වලට අනුව ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයට අයත් සූර්යයන් එකිනෙකට වෙනස් තාරක මණ්ඩල හතරකට අයත් බව චීන තාරකා විද්‍යාවේ සදහන් වේ.තවද හිංදු තාරක විද්‍යාවේද ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලය සදහන් වේ.ඇන්ඩ්රොමීඩිඩ්ස් උල්කා වර්ෂාව ඇති වන රෙඩියන්ට් ලක්ෂය ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලයයි.නොවැම්බර් මසයෙදී මෙහි දුර්වල උල්කා වර්ෂා හට ගනී.