ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය
From Wikipedia, the free encyclopedia
ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය අප පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 2.5 ක් දුරින් පිහිටි ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලයට අයත් සර්පිලාකාර චක්රාවාටයකි. මෙය Messier 31 නැතහොත් M31 ලෙසද මූල ග්රන්ථ වල මහා ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය ලෙසද දක්වා ඇත. අප පෘථිවිය අයත් චක්‍රාවාටය වන ' ක්ෂීරපථය' ට වඩාත් සමීපයෙන් පිහිටි සර්පිලාකාර චක්‍රාවාටය මෙය වුවත් සමීපතම චක්‍රාවාටය මෙය නොවේ. පුරාණ ග්‍රීක කතන්දර වල සඳහන් වන ඇන්ඩ්‍රොමීඩා කුමරිය නමින් හඳුන්වා අති මෙම චක්‍රාවාටය නම් කර අත්තේ අහසේ අපහට පෙනීයන පෙදෙස එනම් ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශියට අනුවයි. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය, ක්ෂීරපථය හා Triangulum අතුළු තවත් කුඩා මන්දාකිණි 30කින් පමන සමන්විත ස්තානීය කන්ඩායමට (Local group) හි විශාලතම මන්දාකිණියද වේ. මෙය විශාල වුවත් මෑතකාලීන සොයාගෑනීම් වලට අනුව අඳුරු පදාර්ථ (Dark Matter) ප්‍රමාණය ක්ෂීරපථයට සාපේක්ෂව අඩු ප්‍රතිශතයක් ගන්නා බැවින් ක්ෂීරපථයස්කන්ධයෙන් වැඩි බව ප්‍රකාශ වේ. Spitzer දුරේක්ශය මගින් 2006 වසරේ ලබාගත් වාර්තා වලට අනුව ඇන්ඩ්‍රොමීඩා චක්රාවාටයහි තාරකා ට්‍රිලියන 1 ක් (1012) දරන අතර එය අවම වශයෙන් අප මන්දාකිණියේ අඩංගු වන අපේක්ෂිත තාරකා ප්‍රමානය වන (200-400 බිලියන ) මෙන් දෙගුනයකි.
නිගණනයන්ට අනුව M31 හි ස්කන්ධය සෞර ස්කන්ධ ඒකක 7.1*1011 පමන වන අතර, 2009 හි සිදුකරන ලද සැසඳීම් වලට අනුව ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය හා ක්ෂීරපථය සමාන ස්කන්ධ වලින් යුක්ත වූ බව හෙලිවී තිබුනත් 2006 වසරේදී කෙරුනු සමීක්ශනයන්ට අනුව ක්ෂීරපථය හි ස්කන්ධය M31 හි ස්කන්ධයෙන් 80% බව වාර්තා විය. එමෙන්ම තවත් වර්ශ බිලියන 4.5 ක් ඉක්මවා ගිය කල මෙම මන්දාකිණි දෙක එකිනෙක හා සමඟ ගැටීමකට ලක්වේ යයිද අනාවකි පලකර තිබේ.
දෘශ්‍ය විශාලත්වය (apparent magnitude) 3.4 ක් වන M31 දීප්තිමත්ම Messier ආකාශ වස්තු වලින් එකක් වන බවින්, සඳ නැති රාත්ත්රියකදී වූවත් අලෝකය දූෂණයට ලක්වූ ප්‍රදේශයන්හී දී පවා පියවි ඇසට දක්නට හැක. සඳ මෙන් හය ගුණයක් පමන විශාලත්වයකින් යුතුව දුරේක්ශ ගත කල හකි මෙහි පියවි අසට හා දෙනෙතියට හසුවන්නේ දීප්ති තීව්රතාවයෙන් වැඩි මධ්‍ය ප්‍රදේශය පමනි.