![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/09/Iowa_harvest_2009.jpg/640px-Iowa_harvest_2009.jpg&w=640&q=50)
ආහාර බලය
From Wikipedia, the free encyclopedia
ජාත්‍යන්තර දේශපාලනයේ, ආහාර බලය යනු දේශපාලනය හැසිරවීමේ උපක්‍රමයක් ලෙස කෘෂිකර්මය භාවිතා කිරීමයි. එමඟින් එක් ජාතියක් හෝ ජාතීන් සමූහයක් තවත් ජාතියක් හෝ ජාතීන් සමූහයකට ඔවුන්ගේ හැසිරීම මෙහෙයවනු පිණිස වෙළඳ භාණ්ඩ පිරිනැමීම හෝ නොකිරීම සිදු කරනු ලබයි. එහි ආයුධයක් ලෙස භාවිතා කළහැකි බව හඳුනාගත්තේ මීට පෙර දේශපාලනික ආයුධයක් ලෙස ඔපෙක් සංවිධානයේ තෙල් භාවිතයෙන් පසුවයි. ජාතියක දේශපාලන ක්‍රියාකාරකම් මත විශාල බලපෑමක් ආහාර මඟින් සිදුකරයි. ආහාර බලයෙහි ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් වශයෙන්,ජාතියක් සාමාන්‍යයෙන් ඔවුන්ගේ රටවැසියනට ප්‍රයෝජනය පිණිස ආහාර සැපයීම සිදු කරනු ලබයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/09/Iowa_harvest_2009.jpg/640px-Iowa_harvest_2009.jpg)
ආහාර බලය යනු ආහාර දේශපාලනයේ අඛණ්ඩ කොටසකි. ආහාර බලයෙහි අදහස තාවකාලික වෙළඳ තහනම, රැකියාව හා ආහාර දේශපාලනයෙහි භාවිතාවේ. ජාතියක් ආහාර බලය ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම පිණිස ඔවුන් හිඟකම පෙන්වීම සහ යොදාගැනීම, සැපයුම් එක්තැන් කිරීම, ඉල්ලුම ව්‍යාප්ත කිරීම සහ කාර්යයන් ස්වාධීන කිරීම කළ යුතුය. ආහාර බලය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයනය කරන ප්‍රධාන ජාතීන් හතර වනුයේ එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යි. එමෙන්ම එක්සත් ජනපදය ආහාර බලය දඬුවම් සඳහා භාවිතා කරයි. කුඩා පරිමාණයෙන්, විශේෂයෙන් ඇතැම් අප්‍රිකානු රටවල ප්‍රතිවිරුද්ධ පැති අතර අභ්‍යන්තර ගැටුම් සහ ඔවුන්ගේම ජනතාවට එරෙහිව විරුද්ධවාදීකම් සිදු කිරීමට ආහාර බලය ආයුධයක් ලෙස යොදාගනී.