ආහාර අසාත්මිකතාවය
From Wikipedia, the free encyclopedia
ආහාර ද්‍රව්‍ය වල ඇති ප්‍රෝටීන කෙරෙහි ඇතිවන අහිතකර ප්‍රතිශක්ති ක්‍රියාවලියක් නිසා ආහාර අසාත්මිකතාව ඇතිවේ. ආහාර අසාත්මිකතාවය ආහාර පරිභෝජනය නිසා ඇතිවන අජීර්ණය, වෙනත් ඹෞෂධ වැනි හා ආහාර ද්‍රව්‍ය ඇති කරන ප්‍රතික්‍රියා හ විෂ වර්ග මගින් ඇතිවන ප්‍රතික්‍රියාවලින් වෙනස් වේ.
- ආහාර අසාත්මිකතාව - ආහාර ප්‍රෝටීන සදහා ඇතිවන අහිතකර ප්‍රතිශක්ති ක්‍රියාවලියකි
- ෙඖෂධවේදය - කැෆේන් වෙවිලීම, චීස් , වයින් (ටයිරමීන්) ඉරුවා රදය, ස්කොම්බ්‍රොයිඩ්(හිස්ටැමීන්), මත්ස්‍ය විෂවීම
- විෂ වර්ග - බැක්ටීරියාවක් මගින් ඇතිකරන ආහාර විෂවීම ස්ටැෆයිලො විෂ
- අජීර්ණය - ලැක්ටෝස්වල අජීර්ණය (ලැක්ටේස් නම් එන්සයිමයේ ඌණතාවය)
Food allergy | |
---|---|
![]() | |
Hives on the back are a common allergy symptom. | |
විශේෂතාව | Emergency medicine |
රෝග ලක්ෂණ | Itchiness, swelling of the tongue, vomiting, diarrhea, hives, trouble breathing, low blood pressure[1] |
Usual onset | Minutes to several hours of exposure[1] |
කාලපරාසය | Long term, some may resolve[2] |
හේතු | Immune response to food[1] |
අවදානම් සාධක | Family history, vitamin D deficiency, obesity, high levels of cleanliness[1][2] |
රෝග විනිශ්චය ක්‍රම | Based on a medical history, elimination diet, skin prick test, oral food challenge[1][2] |
Differential diagnosis | Food intolerance, food poisoning[1] |
වැළක්වීම | Early exposure to potential allergens[2][3] |
ප්‍රතිකාර | Avoiding the food in question, having a plan if exposure occurs, medical alert jewelry[1][2] |
ඖෂධ | Adrenaline (epinephrine)[1] |
සංඛ්‍යාතය | ~6% (developed world)[1][2] |
අසාත්මික ප්‍රතික්‍රියාවක් ඇති කරන ආහාර ප්‍රෝටීනයක් අසාත්මික කාරකයක් නම්වේ. ගණන් බලා ඇති අන්දමට මිලියන 12 ක් පමණ වු ඇමරිකානුවන් පිරිසකට ආහාර අසාත්මිකතාව ඇති අතර එහි ප්‍රතිශතය ඉහල යමින් පවතී. වයස අවුරුදු තුනට පහල ළමුන්ගෙන් 6% - 8% අතර ප්‍රතිශතයකට ආහාර අසාත්මිකතාව ඇති අතර වැඩිහියන්ගෙන් 4%කට ආසන්න ප්‍රමාණයක එය දක්නට ඇත. ඇමරිකා එකසත් ජනපදය තුල ආහාර අසාත්මිකතාවයන් නිසා ආසන්න වශයෙන් 30,000ක් පමණ හදිසි රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර ලබන අතර 100ත් - 200ත් අතර මරණ සංඛ්‍යාවක් වසරකට වාර්තා වේ. වැඩිහිටියන් අතර බෙල්ලන් , රටකජු , මාළු , බිත්තර සඳහාද කුඩා ළමුන් අතර කිරි , බිත්තර , රටකජු හා අනෙකුත් ඇට වර්ග සඳහාද අසාත්මිකතා බහුලව දක්නට ඇත.
මේ සඳහා සිදුකරන ප්‍රතිකාර ක්රමවලදී තමාට අසාත්මික වන සියළුම ආහාර ද්‍රව්‍ය වලින් වැලකී සිටීම නිර්දේශ කෙරේ. අතිශයින්ම අසාත්මික කාරකයන් සඳහා සංවේදී පුද්ගලයින්හට සම්පුර්ණයෙන් අදාල ආහාර ද්‍රව්‍ය වෙත නිරාවරණය වීමෙන් වලකින ලෙසට අවවාද කෙරේ. එම ආහාර වර්ග ඇල්ලීමෙන් , ආඝ්‍රාණය කිරීමෙන් හ එවන් ආහාර තබන ලද මතුපිටක් සමග පවා ස්පර්ශ නොවන අන්දමට සිටීමට ඔවුනට උපදෙස් දෙයි. IgE ප්‍රතිදේහ (ඔමලිසුමැබි හො සෝලයර්) සහ ආහාර සඳහා ඇති අසාත්මිකතාව දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කරනු ලබන විශේෂිතවු ඹෞෂධ වර්ග නිෂ්පාදනය කිරීම පිළිබඳව පර්යේෂණ ගොඩනැංවී ඇත. ආහාර අසාත්මිකතාව ඇති පුද්ගලයින් සඳහා ඉබේ එන්නත් කෙරෙන Epipen හෝ Twinject නම් එපිනෙප්රින් නම් හෝර්මෝන එන්නත් කරනයක් හා ඔවුන්ට ඇති රෝගී තත්වය ගැන විස්තර කෙරෙන අවධානය ලබාදෙන අත්පළදනාවක් යන එන තැන්හි රැගෙන යාමට උපදෙස් දේ. මෙමගින් හදිසි අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් අනුව නිසි ප්‍රතිකාර ලබාදීමට පුළුවන.