අධික ස්ථුලතාවය යුන මිනිසාගේ හා ‍අනෙකුත් ක්ෂිරපායීන්ගේ මේද පටකවල ස්වාභාවිකව තැන්පත් වී ඇති ශක්තිජනක ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිත මට්ටමට වඩා වැඩියෙන් පිහිටන විටදී ඇතිවන තත්වයකි. දේහ ස්කන්ධ දර්ශකය (බර උසෙහි වර්ගයෙන් බෙදු විට ලැබෙන අගයන් වර්ග මීටරයට කිලෝග්‍රෑම් තිහ ඉක්මවු අගයක් වුවිට ස්ථුලතාවය ඇතැයි විග්‍රහ කෙරේ.

Quick Facts ICD-10, ICD-9 ...
ස්ථුලතාව (Obesity)
Classifications and external resources
Silhouettes and waist circumferences representing normal, overweight, and obese
ICD-10 E66.
ICD-9 278
DiseasesDB 9099
MedlinePlus 003101
eMedicine med/1653 
MeSH C23.888.144.699.500
Close

ස්ථුලතාව යනු එක් පුද්ගලයකුගේ සෞඛ්‍ය ගැටළුවක් සේ පෙනුනද මෙය ලොව පුරා වර්ධනය වන පොදු සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇත. ස්ථුලතාව හෘද රෝග, දෙවන වර්යේ දියවැඩියාව , නිදාගැනිමේදී හුස්ම ගැනීමේ අපහසුතා , හා හන්දිපත් අමාරු වැනි නොයෙකුත් සෞඛ්‍ය ගැටළු ඇති කරයි.


වර්ගීකරණය

ස්ථුලතාවය එකිනෙකට සාපේක්ෂ හා නිරපේක්ෂ අර්ථ දැක්වීම් මගින් විග්‍රහ කළ හැකිවේ. ස්ථුලතාව සත්‍ය වශයෙන්ම නිර්ණය කරනුයේ දේහ ස්කන්ධ දර්ශක්යෙනි. තවද ඉනෙහි වට ප්‍රමාණය ඉනෙහි හා උකුලෙහි වට ප්‍රමාණ අතර අනුපාතයන්ද විග්‍රහ කෙරේ. ස්ථුලතාව අනෙකුත් අවදානම් සාධකවල ප්‍රතිඵලයක් ලෙසද ඇතිවේ.


දේහ ස්කන්ධ දර්ශකය

මෙය සරල සහ බහුලවම සිරුරේ මේද ප්‍රමාණය තක්සේරු කිරීමට යොදාගනී. මෙය ඇ‍ෙඩාල්ෆි ක්වෙටෙලෙට් නම් බෙල්ජියම් ජාතික සංඛ්‍යානවේදියකු හා මිනිස් සිරුරේ මිනුම් පිළිබඳව අධ්‍යනය කරන විද්‍යාඥයකු මගින් සොයා ගෙන ඇත. මෙය පුද්ගලයා‍ගේ බර ඔහුගේ හෝ ඇයගේ උසෙහි වර්ගයෙන් බෙදුවි ලැබෙන අගයයි. මෙහිදී යොදාගන්නා ඒකක මෙට්‍රික් හො එක්සත් ජනපද කුමයට යොදාගත යුතුවේ.

දේහ ස්කන්ධ දර්ශකය (මෙට්‍රික් ක්‍රමයට) = (බර) කිලෝ ග්‍රෑම් / (උස) මීටර්2


දේහ දර්ශකය ජනපද ක්‍රමයට = [(බර) ර‍ාත්තල් x 703] / (උස) අගල්2


ලෝක සෞඛ්‍ය සංවිධනය මගින් 1997 දී ස්ථාපිත කර වසර 200දී එලි දක්වන ලද මීට අදාල අර්ථ දැක්වීම් පහත දැක්වේ.

දේහ ස්කන්ධ දර්ශකය 18.5 ට අඩු - බර අඩු දේහ ස්කන්ධ දර්ශකය 18.5 -24.9 අතර - සාමාන්‍ය බර දේහ ස්කන්ධ දර්ශකය 25.0 – 29.9 අතර - බර වැඩි දේහ ස්කන්ධ දර්ශකය 30.0 – 39.9 අතර - ස්ථුලතාවය දේහ ස්කන්ධ දර්ශකය 40 හෝ ඊට වැඩි - අධි ස්ථුලතාව දේහ ස්කන්දය දර්ශකය 35 හෝ ඊට වැඩියෙන් යුත්ව වෙනත් සෞඛ්‍ය අවදානම් තත්වයක් ඇති පුද්ගලයින්ද අධි ස්ථුලතාව සහිත පුද්ගලයින් සේ හැඳින්වේ.

දේහ ස්කන්ධ දර්ශකය පිළිබඳව විග්‍රහ කිරීමේදී වෛද්‍යවරු පුද්ගලයින්ගේ ජාතිය, වර්ගයා සිරුරේ ඇති පේශී ප්‍රමාණය , වයස , ස්ත්‍රී පුරුෂභාවය හා වෙනත් සාධක සැලකිල්ලට ගනිති. සිරුරේ මාංශ‍පේශීන් හොදින් වර්ධනය වු පුද්ගලයකුගේ සිරුරේ ඇති මේද ප්‍රමාණය පිළිබඳව අධි තක්සේරුවක්ද , වයස්ගත පුද්ගලයින් වැනි සිරුරේ පේශි ක්ෂය වී ගිය පුද්ගයින්ගේ දේහගත මේද ප්‍රමාණය පිළිබඳව අවතක්සේරුවක් දේහ ස්කන්ධ දර්ශකය මගින් ලබා දේ. ස්ථුලතාවය පැවතීම පමණක්ම හෘද රෝග සඳහා අවදානමක් නොවේ. එම නිසා දේහ ස්කන්ධ දර්ශකය පමණක්ම හෘද රෝග ඇති කරන අවදානමක් ඇති සාධකයක් ලෙසට පුරෝකථනයක් දීමට භාවිතා කළ නොහැක.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.