ආසියාවෙහි ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මෙය ආසියාවෙහි ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුවක් වෙයි. පූර්ණ වශයෙන් පිළිගත් රාජ්‍යයන්, සීමිත පිළිගැනුමකට ලක්වී ඇති රාජ්‍යයන් මෙන්ම, ආසියානු සහ ආසියානු-නොවන රාජ්‍යයන් යන දෙවගයෙහිම පරායත්ත භූමිප්‍රදේශයන්ද මෙහි අඩංගු වෙති. ස්වෛරී රාජ්‍යයන් 47ක්ද , සීමිත ජාත්‍යන්තර පිළිගැනුමකට පාත්රවී ඇති රාජ්‍යයන් 6 ක්ද සහ, පරායත්ත භූමි ප්‍රදේශ සහ අනෙකුත් භූමි ප්‍රදේශ 6 ක්ද මෙහි ලැයිස්තු ගත කර ඇත. රුසියාවෙහි බොහෝ භූමිප්‍රදේශය ආසියාවෙහි පැවතුනද, එහි අගනගරය වන මොස්කව් නගරය යුරෝපයෙහි පිහිටන හෙයින් සහ එහි ජනගහණයෙන් බොහෝ කොටසක් එම මහාද්වීපයෙහි වෙසෙන හෙයින්ද එය යුරෝපයෙහි කොටසක් ලෙසින් සාමාන්‍ය වශයෙන් සැලකෙයි.
මෙම ලිපිය හෝ ලිපි කොටස මහාද්වීපය අනුව ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුව වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය) ජූලි 2016 සිට යෝජිතය. |