ආකීය
From Wikipedia, the free encyclopedia
පැරණි මූලාශ්‍ර විසින් සමහරවිට ආකියොසොයික් ලෙසින් හැඳින්වූ ආකීය කල්පය යනු, පෘථිවියෙහි ඉතිහාසයෙහි, භූවිද්‍යාත්මක කල්පයන් සතර අතුරින් දෙවැන්න වන අතර, එයට පූර්වගාමීව හේඩියන් කල්පයද එයට අනුගාමිකව ප්රොටෙරොසොයික කල්පයද විය. ආකීය නිරූපණය කරන්නේ 4,031 to 2,500 මිපෙ (වසර මිලියනයකට පෙර) සිට කාලයයි. ආකීය කල්පයෙහි ඇරඹුම සමග පශ්ච බැර විවර්ෂණය සමපාත වූ ලෙසක් උපකල්පනය කෙරෙයි. හියුරානියන් හිමායනය සිදුවූයේ මෙම කල්පයෙහි කෙළවරදීය.
ආකීය | |
---|---|
4031 ± 3 – 2500 Ma | |
කාල ක්‍රමය | |
ශබ්දනිෂ්පත්තිය | |
උපචාර නාමය | විධිමත් |
විකල්ප අක්ෂරවින්‍යාසය(න්) | ආකියානු, ආකෙයානු |
සමානාර්ථපදය(න්) | ඉයෝසොයික් ජේ.ඩබ්. ඩෝසන්, 1865 |
භාවිත තොරතුරු | |
ඛගෝල වස්තුව | පෘථිවිය |
ප්‍රාදේශීය භාවිතය | ගෝලීය(ICS) |
භාවිත කල කාල පරිමාණය (න්) | ICS කාල පරිමාණය |
අර්ථදැක්වීම | |
කාලානුක්‍රමණික ඒකකය | කල්පය |
ස්තර වින්යාසීය ඒකකය | කල්පතේමාව |
කාල පරාස විධිමත් භාවය | විධිමත් |
පහළ සීමා අර්ථදැක්වීම | පැරණිතම U-Pb සර්කොන් කාල දහය |
පහළ සීමා GSSA | අකස්ටා ගංගාව ඔස්සේ, වයඹ භූමිප්‍රදේශ, කැනඩාව 65.1738°N 115.5538°W / 65.1738; -115.5538 |
පහළ GSSA අපරානුමත | 2023[1] |
ඉහළ සීමා අර්ථදැක්වීම | කාලමානාකාරව අර්ථදැක්වෙයි |
ඉහළ GSSA අපරානුමත | 1991[2] |
ආකීය කල්පය අතරතුර, පෘථිවිය බොහෝ ලෙසින් ජල ගෝලයක් විය: මහාද්වීපික කබොල්ලක් පැවති මුත්, එහි බොහෝ කොටසක් වර්තමාන සාගරයන්ට වඩා ගැඹුරු සාගරයක් තුල ගිලී පැවතිණි. සමහරක් අන්වේශ්ය ඛනිජ හැරුණු විට, වර්තමානයෙහි පැරණිතම මහාදිවීපික කබොල්ල, ආකීය කල්පය දක්වා දින නියමය දක්වයි. ආකීය කල්පයෙහි බොහෝ භූවිද්‍යාත්මක විස්තර පසුකාලීන ක්‍රියාවලීන් හේතුවෙන් විනාශ විය. පෘථිවියෙහි වායුගෝලය පවා වර්තමානයට වඩා බෙහෙවින් වෙනස් සංයුතියක් දැරීය: එය මීතේන් බහුල සහ නිදහස් ඔක්සිජන් විරල ඔක්සිහාරක වායුගෝලයක් විය.
ස්ට්රොමැටොලයිටයන් ලෙසින් හැඳින්වුණු නොගැඹුරු-දියෙහි ක්ෂුද්‍ර ජීවි ස්ථරයන් ලෙසින් බෙහෙවින් නිරූපණය කෙරුණු පැරණිතම සංගණ්‍ය ජීවය, ඇරඹුනේ ආකීය කල්පයෙහිදී වන අතර සරල ප්‍රාග්න්‍යෂ්ටිකයන් (ආකියා සහ ඉවුබැක්ටීරියා) ලෙසින් කල්පය පුරා පැවතිනි. විශේෂයෙන්ම මුල් සයනොබැක්ටීරියා මගින් සිදුකෙරුණු ආදිතම ප්‍රභාසංශ්ලේෂී ක්‍රියාවලීන්, මධ්‍ය/අපර ආකීය කල්පයෙහි දක්නට වූ අතර එය නිසා ආකීය කල්පයෙන් පසුව සාගරයෙහි සහ වායුගෝලයෙහි ස්ථීර රසායනික වෙනසක් සිදු විය.