කාටීසියානු ඛණ්ඩාංක පද්ධතිය

From Wikipedia, the free encyclopedia

කාටීසියානු ඛණ්ඩාංක පද්ධතිය

කාටීසියානු ඛණ්ඩාංක පද්ධතියක් යනු, අචල සහ එකිනෙකට ලම්බක ලෙසින් දිශාගත රේඛා දෙකකට ලක්ෂ්‍ය‍යෙහි සිට ඇති දුරවල් එකම දි‍ගෙහි ඒකකයක් භාවිතයෙන් මැනීමෙන් ලබාගන්නා ලකුණුවත් දුරවලින් සැදෙන, සංඛ්‍යාත්මක ඛණ්ඩාංක යුගලයක් අනුසාරයෙන්, සෑම ලක්ෂ්‍යයක්ම, අනුපම ලෙසින්, තලයක් මත නිරූපණය කෙරෙන, ඛණ්ඩාංක පද්ධතියකි. මෙම එක් එක් සමුද්දේශ රේඛාව හැඳින්වෙන්නේ, පද්ධතියෙහි ඛණ්ඩාංක අක්ෂයක් හෝ සරල ලෙසින් අක්ෂයක් ලෙසින් වන අතර, ඒවා හමුවන ලක්ෂ්‍යය, ඒවායේ මූල ලක්ෂ්‍යය වන අතර, සාමාන්‍යයෙන් පිහිටන්නේ (0,0) යන පටිපාටිත යුගලයෙහිය. මූල ලක්ෂ්‍යයෙහි සිට ඇති ලකුණුවත් දුරවල් ලෙසින් දැක්වෙන, ලක්ෂ්‍යයෙහි සිට අක්ෂයන් දෙකට ඇති ලම්බක ප්‍රක්ෂේණයන්හී ස්ථානයන් අනුසාරයෙන්ද ඛණ්ඩාංක නිරූපණය කල හැක.

කාටීසියානු ඛණ්ඩාංක තලයක නිරූපණයකි. ලක්ෂ්‍යයන් සතර සලකුණු කොට, ඒවායේ ඛණ්ඩාංක හා සමගින් නම් කොට ඇත: (2,3) කොළ පැහැයෙන්, (−3,1) රතු පැහැයෙන්, (−1.5,−2.5) නිල් පැහැයෙන් සහ, මූල ලක්ෂ්‍යය (0,0) දම් පැහැයෙනි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.