From Wikipedia, the free encyclopedia
අශ්‍රැ අස්ථිය යනු මුහුණේ පිහිටි කුඩාම සහ වඩාත් බිඳෙනසුලුම අස්ථියයි. දළ වශයෙන් එහි ප්‍රමාණය කුඩා නියපොත්තක තරම වේ. එයි පිහිටා ඇත්තේ අක්ෂි කූපයේ මධ්‍ය බිත්තියේ පූර්ව පෙදෙසට වන්නට ය. එහි පෘෂ්ඨ දෙකක් සහ දාර හතරක් පවතී. අශ්‍රැ අස්ථියේ මායිම් කිහිපයක්ම අශ්රැකරණය හෙවත් හැඬීමේ දී උපකාරී වේ. විශේෂයෙන්ම අශ්‍රැ අස්ථිය අශ්‍රැ පරිවහනය සඳහා වැදගත් වන නාසාඅශ්‍රැ නාලය තැනීමට දායක වේ. අස්ථියේ පූර්ව අධර පෙදෙසේ අවපාතයක් ලෙස පිහිටි අශ්‍රැ නිඛාතය පටලමය අශ්‍රැ මඩිය රඳවා ගනී. අධිකව අශ්රැකරණයේ දී අශ්‍රැ ග්රන්ථිවලින් නිපදවෙන කඳුළු හෙවත් අශ්‍රැ තරලය මෙම මඩිය තුළට එකතු වේ. මෙම තරලය අනතුරුව නාසාඅශ්‍රැ ප්‍රණාලය ඔස්සේ නාසාග්රසනිකාව වෙත ගලා යයි. මෙම ගලායාම හේතුවෙන් අධිකව හැඬීමේ දී හෙවත් කඳුළු නිෂ්පාදනයේදී සිදුවන පොදුවේ හඳුන්වන නාසය තෙත්වීම සිදු වේ. අශ්‍රැ අස්ථියට හානි වීම හෝ බිඳී යාම හේතුවෙන් පසුකාලීනව අශ්‍රැ මාර්ග අවහිර විය හැක.[1][2]
අශ්‍රැ අස්ථිය | |
---|---|
තොරතුරු | |
ලතින් | os lacrimale |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.164 |
TA | A02.1.09.001 |
FMA | 52741 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
පාර්ශ්වික හෙවත් අක්ෂිකූප පෘෂ්ඨය අපර අශ්‍රැ කුඩුම්බිය නැමැති සිරස් නෙරුමක් මගින් කොටස් දෙකකට බෙදේ.
මෙම කුඩුම්බියට මුහුණ ලා පිහිටි අන්වායාම ඇලිය අශ්‍රැ ඛාතය (sulcus lacrimalis) නැමැති අතර එහි ඇතුළු දාරය ඌර්ධවහනුක අස්ථියේ පූර්ව ප්‍රසරය සමග සම්බන්ධ වී, අශ්‍රැ නිඛාතය සම්පූර්ණ කරයි. මෙම නිඛාතයේ ඉහළ කොටස අශ්‍රැ මඩිය සඳහා ද, පහළ කොටස නාසාඅශ්‍රැ ප්‍රණාලය සඳහා ද ඉඩ සලසයි.
කුඩුම්බිය පිටුපස පෙදෙස සුමට ය. එය අක්ෂිකූපයේ මධ්‍ය බිත්තියේ කොටසක් සාදයි.
කුඩුම්බිය සහ එයට වහාම පිටුපසින් පිහිටන අක්ෂිකූප පෘෂ්ඨය මගින් ආක්ෂ්ය කුණ්ඩකය ඇතිවන අතර, එය අවසන් වන්නේ පහළ කොකු ආකාර ව්‍යූහයකිනි. මෙම ව්‍යූහය අශ්‍රැ වලිශය නම් වන අතර, එය ඌර්ධවහනුක අස්ථියේ අශ්‍රැ ගැටිත්ත සමග සන්ධානය වී නාසාඅශ්‍රැ ප්‍රණාලයේ ඉහළ විවරය සාදයි. මෙම වලිශය (hamulus) ඇතැම් විට වෙන් වූ කොටසක් ලෙස පවතින අතර, එවිට එය සුළු අශ්‍රැ අස්ථිය නම් වේ.
මධ්‍ය හෙවත් නාසා පෘෂ්ඨය අන්වායාම ඇගිලියක් ලෙස පවතින අතර, එය පාර්ශ්වික පෘෂ්ඨයේ කුඩුම්බියට අනුරූපව පිහිටයි.
මෙම ඇගිලියට ඉදිරිපස පෙදෙස නාසයේ මධ්‍ය ආයනයේ (meatus) කොටසක් සාදයි. එය පසුපසින් ජිද්‍රාස්ථිය සමග සන්ධානය වී සමහර පූර්ව ජිද්‍රාස්ථි සෛල සාදයි.
මෙහි පවතින දාර හතර නම්:
අශ්‍රැ අස්ථිය අස්ථිභවනය වන්නේ තනි මධ්‍යස්ථානයකිනි. එය දොලොස්වන සතියේ දී කාටිලේජීය නාසා ප්‍රාවරය ආවරණය කරන පටලයෙන් දෘශ්‍යමාන වේ.
අශ්‍රැ අස්ථිය අස්ථි හතරක් සමග සන්ධානය වේ: ඉන් දෙකක් කපාල අස්ථි වන ලලාටාස්ථිය සහ ජිද්‍රාස්ථිය වන අතර, අනෙක් දෙක වක්ත්‍ර අස්ථි වන ඌර්ධවහනුක අස්ථිය සහ අධර නාසා කම්බු අස්ථි වේ.
මුල්කාලීන ඛණ්ඩික වරල් දරන මත්ස්‍යයින් සහ ආදි සිව්පාවුන් තුළ, අශ්‍රැ අස්ථිය සාපේක්ෂව විශාල ශක්තිමත් එකක් විය. එය අක්ෂිකූපයේ සිට නාස් පුඩු දක්වා දිවෙයි. එය නාසාස්ථි සහ ඌර්ධවහනුක අස්ථි අතර මුහුණේ කොටසක් සෑදීමට දායක විය. ප්‍රාථමික ස්වරූපවල, එය බොහෝ විට නාස් විවරවලවලට වහාම පිටුපසින් පිහිටි කුඩා සෙප්ටොමැක්සීල අස්ථිය සමග පිහිටි නමුත්, නූතන විශේෂවල එය දක්නට නැත. වර්තමාන පෘෂ්ඨවංශීන් තුළ අශ්‍රැ අස්ථිය කුඩා අතර, නාසා විවර සමග බොහෝවිට ඍජු සම්බන්ධ වීමක් දක්නට නොලැබෙයි. නමුත් එය අක්ෂිකූපය සමග සම්බන්ධ වී ඇත. කෙසේනමුත් මෙම අස්ථි වර්තමාන උභයජීවීන් සහ ඇතැම් උරග විශේෂවල සම්පූර්ණයෙන් නැති වී ගොස් ඇත.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.