අධර නාසා කම්බු
From Wikipedia, the free encyclopedia
අධර නාසා කම්බු (අධර සංවලිත අස්ථිය) යනු නාසයේ ඇති සංවලිත අස්ථි අතරින් එකකි. එය නාසා කුටීරයේ පාර්ශ්වික බිත්තිය දිගේ තිරස්ව විහිදෙන අතර, රෝල් වූ ස්වභාවයක් ගන්නා සවිවර අස්ථි ස්තරවලින් සෑදී ඇත. අධර නාසා කම්බු යුගල වක්ත්‍ර අස්ථි යටතට අයත් යැයි පිළිගැනේ. මේවා 'අධර නාසා සංවලිත අස්ථි' ලෙස හැඳින්වීමට හේතුව එහි කෘත්‍යය සංවලිත අස්ථිවල කෘත්‍යයන්ට සමානත්වයක් දැක්වීමයි. සංවලිත අස්ථි තුළින් වාතය හමායන විට, මේවායේ ඇති ශ්ලේෂ්මල ස්තරවල වාතය හොඳින් ගැටී වාතය උණූසුම්, තෙත් සහ පිරිසිදු වේ. අධර නාසා කම්බුවලට උත්තරව මධ්‍ය නාසා කම්බු සහ උත්තර නාසා කම්බු පිහිටන අතර, ඒවා හිස්කබලේ කපාල කොටසකි පැනනගින ඒවා වේ. ඒ නිසා අනෙක් කම්බු දෙවර්ගය කපාල අස්ථිවල කොටස් ලෙස සැලකේ.
අධර නාසා කම්බු හෙවත් අධර සංවලිත අස්ථිය | |
---|---|
![]() වම් අක්ෂීකූපයේ මධ්‍ය බිත්තිය. (අධර නාසා කම්බු මධ්‍යයේ කහ පැහැයෙන් දැක් වේ.) | |
![]() රූපය 1: දකුණු නාසා කුටීරයේ පාර්ශ්වික බිත්තිය. මෙහි අධර කම්බු එම ස්ථානයේම දැක් වේ. (රෝස පැහැයෙන්) | |
තොරතුරු | |
ලතින් | Concha nasi inferior, concha nasalis inferior |
සන්ධිවල | ජිද්‍රාස්ථිය, ඌර්ධවහනුක අස්ථිය, අශ්‍රැ අස්ථිය සහ තාලව අස්ථිය |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.169 |
Dorlands /Elsevier | c_50/12253882 |
TA | A02.1.08.001 |
FMA | 54736 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මෙය සතුව පෘෂ්ඨ දෙකක්, දාර දෙකක් සහ අන්තයන් දෙකක් පවතී.
ව්‍යූහය
පෘෂ්ඨ
මධ්‍ය පෘෂ්ඨය උත්තල වන අතර, සිදුරු සහිත ස්වභාවයක් ගනී. රුධිර වාහිනී ගමන් කිරීම සඳහා එහි තිරස් ඇලියක් පවතී.
පාර්ශ්වික පෘෂ්ඨය අවතල ය. එය අධර ආයනයේ කොටසක් සාදයි.
දාර
ඉහළ දාරය සිහින්, අක්‍රමවත් එකක් වන අතර, එය නාසා කුටීරයේ පාර්ශ්වික බිත්තියේ විවිධ අස්ථිවලට සම්බන්ධ වී ඇත.
මෙය ප්‍රධාන කොටස් තුනකට බෙදේ: ඒවා නම්,
- පූර්ව කොටස, මෙය ඌර්ධවහනුක අස්ථියේ කම්බු කුඩුම්බිය සමග සන්ධානය වේ;
- අපර කොටස, තාලව අස්ථියේ කම්බු කුඩුම්බිය සමග සන්ධානය වේ;
- මධ්‍ය කොටස, හොඳින් සලකුණු වී ඇති ප්‍රසර තුනකින් සමන්විත ය. මෙය ප්‍රමාණය සහ ස්වරූපයෙන් විවිධ විය හැක.
- මේ අතර, පූර්ව හෙවත් අශ්‍රැ ප්‍රසරය යනු කුඩා තියුණු ප්‍රසරයකි. එය අස්ථියේ පූර්ව හතරෙන් එකක කොටසේ සහ අපර හතරෙන් තුනක කොටසේ පිහිටා ඇත. එහි අග්‍රය අශ්‍රැ අස්ථියේ අවරෝහණ ප්‍රසරය සමග සන්ධානය වේ. එහි දාර මගින් ඌර්ධ්වහනුක අස්ථියේ පූර්ව ප්‍රසරයේ පසුපසට සන්ධානය වේ. එය නාසාඅශ්‍රැ පුණාලයේ නාලිකා තැනීමට උපකාරී වේ.
- මෙම ප්‍රසරයට පිටුපසින් පිහිටි පළල්, සිහින් ඵලකාකාර ජිද්‍රාස්ථි ප්‍රසරය, ජිද්‍රාස්ථියේ සාංකුශ ප්‍රසරය සමග සම්බන්ධ වේ. එහි පහළ දාරයෙන් ඌර්ධවහනුක ප්‍රසරය පහළින් සහ පැතිවලින් වක් වී පැනනගියි. එය ඌර්ධවහනුක අස්ථිය සමග සන්ධානය වන අතර, ඌර්ධවහනුක කෝඨරකයේ මධ්‍ය බිත්තිය තැනීමට ද උපකාරී වෙයි.
අධර දාරය නිදහස්, ඝනකම්, සෛලීය ව්‍යූහයකි.
අන්තයන්
අන්ත දෙකම මඳ හෝ වැඩි වශයෙන් උල් හැඩැති ය. අපර අන්තය වඩාත් සිහින් ය.
වර්ධනය
අධර නාසා කම්බු අස්ථිභවනය වන්නේ තනි මධ්‍යස්ථානයකිනි. එය භ්‍රෑණයේ පස්වන මාසයේදී කාටිලේජමය නාසා ප්‍රාවරයේ පාර්ශ්වික බිත්තියෙන් හටගනී.
අමතර පින්තූර
- නාස් කුටීරයේ පාර්ශ්වික බිත්තිය, මෙහි ජිද්‍රාස්ථිය පිහිටන ආකාරය දැක් වේ.
- නාසා කම්බු
- වම් ඌර්ධවහනුක අස්ථිය. නාසික පෘෂ්ඨය.
- දකුණු අධර නාසා කම්බුව. මධ්‍ය පෘෂ්ඨය.
- දකුණු අධර නාසා කම්බුව. පාර්ශ්වික පෘෂ්ඨය.
- හිස්කබලේ පූර්ව පෙනුම.
- හිස්කබලේ ශරීය කඩක්.
- වම් නාසා කුටීරයේ පියස්ස, පත්ළ සහ පාර්ශ්වික බිත්තිය.
- කීලාස්ථිතාලව ගැංග්ලියම සහ එහි ශාඛා.
- නාසා කුටීරයේ කිරීට කඩක්.
- නාසා මුඛය, ග්‍රසනිකාව, සහ ස්වරාලයේ ශරීය කඩක්.
- මානව හිස්කබල. අධර නාසා කම්බු.
- මානව හිස්කබල. අධර නාසා කම්බු.
මූලාශ්‍ර
බාහිර සබැඳි
මේවාත් බලන්න
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.