ඉන්දු-අයිරේනියානු භාෂා
භාෂා පවුල / From Wikipedia, the free encyclopedia
ඉන්දු-අයිරේනියානු භාෂා (ඉන්දු-ඉරානීය භාෂා[1][2]), හෙවත් ආර්ය භාෂා[3] යනු ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ පවත්නා විශාලතම සහ වඩාත් අග්නිදිගට වන්නට පිහිටි ශාඛාව වේ. මෙම භාෂා කථා කරන්නන් බිලියන 1.5කට අධික සංඛ්‍යාවක් හමුවන අතර, ඔවුහු යුරෝපය (රොමානි), තුර්කිය (කුර්දි සහ සාසා–ගොරානි) සහ කොකේසස් (ඔසේෂියානු) සිට නැගෙනහිරට වන්නට ෂින්ජියෑං (සාරිකොලි) සහ ඇසෑමය (ඇසෑමි) දක්වාත්, දකුණින් ශ්‍රී ලංකාව (සිංහල) සහ මාලදිවයින (මාලදිවයින්) තෙක් මෙන්ම, ඕෂනියාව තෙක් (ෆීජි හින්දි) ව්‍යාප්ත වී ඇත. එමෙන්ම, වයඹදිග යුරෝපයේ (එක්සත් රාජධානිය), උතුරු ඇමරිකාවේ (එක්සත් ජනපදය සහ කැනඩාව) සහ ඕස්ට්‍රේලියාවේ ඉන්දු-අයිරේනියානු කථිකයින්ගේ විශාල ඩයස්පෝරා ප්‍රජාවක් දක්නට ලැබෙයි.
ඉන්දු-අයිරේනියානු | |
---|---|
ආර්ය | |
භූගෝලීය පැතිරීම: | දකුණු, මධ්‍ය, බටහිර ආසියාව, අග්නිදිග යුරෝපය සහ කොකේසස් / සම්පූර්ණ කථිකයින් ගණන = ආසන්න වශයෙන් රටවල් 15ක් තුළ බිලියන 1.5 |
භාෂාමය වර්ගීකරණය: | ඉන්දු-යුරෝපීය
|
මූල-භාෂාව: | ප්‍රාක්-ඉන්දු-අයිරේනියානු |
අතුරු බෙදීම්: |
අයිරේනියානු
නූරිස්තානි
|
ISO 639-5: | iir |
යුරේසියාවේ ඉන්දු-යුරෝපීය ශාඛාවන්ගේ වර්තමාන ව්‍යාප්තිය:
Indo-Iranian |
මෙම පවුලට අයත් සියලු භාෂාවන්හි පොදු මූල භාෂාව ලෙස ප්‍රාක්-ඉන්දු-අයිරේනියානු හෙවත් පොදු ආර්ය භාෂාව සැලකේ. මෙය ක්‍රි.පූ. 3වන සහස්රකයේ පමණ භාවිතා වන්නට ඇතැයි විශ්වාස කෙරේ නූතන ඉන්දු-අයිරේනියානු භාෂාවන් හි ප්‍රධාන ශාඛාවන් වනුයේ ඉන්දු-ආර්ය, අයිරේනියානු, සහ නූරිස්තානි භාෂා සැලකේ. මුලින් මෙහි සිව්වන ස්වාධීන ශාඛාවක් ලෙස දර්දික සැලකුණ ද, මෑත විද්වතුන් සාමාන්‍යයෙන් දර්දික භාෂා ඉන්දු-ආර්ය ශාඛාවේ පුරා සාමාජිකයකු ලෙස සඳහන් කොට ඇත.[4]