ඇල්බට් අයින්ස්ටයින්
From Wikipedia, the free encyclopedia
ඇල්බට් අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකි. නොයෙකුත් විෂයපථයන් රාශියක් අතුරින් ඔහු සිය සුප්‍රකට සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධ වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
ඇල්බට් අයින්ස්ටයින් | |
---|---|
පුරවැසිබව |
|
උගත් ශාස්ත්‍රාලය |
|
ප්‍රසිද්ධව ඇත්තේ |
|
කලත්‍රයා(යන්) | Mileva Marić (වි. 1903; දි. 1919) Elsa Löwenthal (වි. 1919; died[1][2] 1936) |
දරුවන් | "Lieserl" Einstein Hans Albert Einstein Eduard "Tete" Einstein |
සම්මාන |
|
Scientific career | |
ක්ෂේත්රය | භෞතික විද්‍යාව, දර්ශනය |
ආයතන |
|
Thesis | Eine neue Bestimmung der Moleküldimensionen (A New Determination of Molecular Dimensions) (1905) |
ආචාර්ය උපදේශක | ඇල්ෆඩ් ක්ලෙච්නර් |
Other academic advisors | හෙන්රිච් ෆ්රෙඩ්රික් වෙබර් |
සිහිකළයුතු විද්‍යාර්ථියන් |
|
අත්සන | |
යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යාවේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යාවේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.
ඇල්බට් අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් දේවත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්කරන ලදී. ඔහුගේ නම ගැලීලියෝ ගැලීලි, අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම්ය. ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම සහ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න අතිවිශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.