සාපේක්ෂතාවාදය
From Wikipedia, the free encyclopedia
සාපේක්ෂතා වාදය (ඉංග්‍රීසි: Theory of Relativity) යනු ඇල්බට් අයින්ස්ටයින් විසින් හඳුන්වාදුන් භෞතික විද්‍යාව හා බැඳි න්‍යායකි. සාපේක්ෂතා න්‍යායට ඇල්බට් අයින්ස්ටයින් විසින් පිළිවෙලින් 1905 දී සහ 1915 දී ඉදිරිපත් කෙරුණු සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ විශේෂ සාපේක්ෂතාවාදය යන සිද්ධාන්ත දෙක ඇතුළත් ය.
20 වෙනි ශතවර්ෂයේ දී සෛද්ධාන්තික භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව යන ක්ෂේත්‍ර වල විප්ලවීය වෙනසක් සිදු කිරීමට සාපේක්ෂතාවාදයට හැකි විය. සාපේක්ෂතාවාදය මගින් චතුර්මාන කාල අවකාශය, සමකාලිකතා සාපේක්ෂතාව, ප්‍රගතික සහ ගුරුත්වජ කාල විස්තාරණය, සහ දිගෙහි සංකෝචනය වැනි සංකල්ප ඉදිරිපත් කරනු ලැබීය. භෞතික විද්‍යා ක්ෂේත්රයේදී, මූලික අංශු සහ ඒවායේ මූලික අන්තර්ක්‍රියා ගැන දැනුම වැඩි දියුණු කිරීමට සාපේක්ෂතාවාදය උපකාරී වූ අතර න්‍යෂ්ටික යුගයට මග පාදන ලදී. සාපේක්ෂතාවාදය භාවිතයෙන් නියුට්‍රෝන තාරකා, කළු කුහර සහ ගුරුත්වාකර්ෂණ තරංග වැනි තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් පුරෝකථනය කිරීමට හැකියාව ලැබිණි.