හෙළබස
From Wikipedia, the free encyclopedia
සිංහල ප්රාකෘත භාෂාව යනු මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවකි ( Middle Indo Aryan ).එය පසුකාලිනව හෙල හෝ එළු ප්රාකෘත ලෙස සරලව හදුන්වා ඇත. මුල් කාලයේදී සෙල්ලිපි සකස් කිරීම උදෙසා මෙම සිංහල ප්රකෘතය භාවිතා කර ඇති අතර එහි සම්භවය බටහිර ඉන්දීය ප්රාකෘත ප්‍රභවයක් ලෙස හදුනා ගැනේ.
සිංහල භාෂාව සඳහා, සිංහල භාෂාව බලන්න
මහින්දාගමනයෙන් පසුව මෙහි නැගෙනහිර ප්රකෘත ලක්ෂණ වර්ධනය වී වර්තමාන සිංහල භාෂාව දක්වා ක්‍රමිකව පරිණාමය වී ඇති අතර එම නිසාම මහින්දාගමනයෙන් පසු රචනා කර ඇති සෙල්ලිපි වල සිංහල ප්රාකෘතය පාලි භාෂාවට වඩාත් සමාන ලක්ෂණ දක්වයි.