සිල්ලා හි සොන්දොක් රජ (රාජ්‍ය. 780-785), යනුවෙන් හැඳින්වෙන්නේ සිල්ලාවේ 37වන පාලකයා මෙන්ම එක්සත් සිල්ලාවේ 8වන පාලකයායි. රජ වීමට ප්‍රථම ඔහු සිල්ලාවේ හ්යේගොං රජුගේ සංදේදූංවරයකු ලෙස සේවය කොට තිබේ.

Quick Facts හංගුල්, හන්ජා ...
සිල්ලා හි සොන්දොක් රජ
හංගුල්선덕왕
හන්ජා宣德王
ප්‍රතිශෝධිත රෝමානුකරණයSeondeok wang
මැකූන්–‍රයිෂවර්Sŏndŏk wang
උපන් නාමය
හංගුල්김양상
හන්ජා金良相
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim Yang-sang
මැකූන්–‍රයිෂවර්Kim Yangsang
Close
Quick Facts
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමෙන් පසු)
  1. මුන්මු 661–681
  2. සින්මුන් 681–691
  3. හ්යෝසෝ 692–702
  4. සොංදොක් 702–737
  5. හ්යෝසොං 737–742
  6. ග්යොංදොක් 742–765
  7. හ්යේගොං 765–780
  8. සොන්දොක් 780–785
  9. වොන්සොං 785–798
  10. සෝසොං 798–800
  11. ඒජං 800–809
  12. හොන්දොක් 809–826
  13. හ්‍යුංදොක් 826–836
  14. හුයිගැං 836–838
  15. මිනේ 838–839
  16. සින්මු 839
  17. මුන්සොං 839–857
  18. හොනාන් 857–861
  19. ග්යොංමුන් 861–875
  20. හොන්ගං 875–886
  21. ජොංගං 886–887
  22. ජින්සොං 887–897
  23. හ්යෝගොං 897–912
  24. සින්දොක් 912–917
  25. ග්යොංම්යොං 917–924
  26. ග්යොංගේ 924–927
  27. ග්යොංසුන් 927–935
Close

චරිතාපදානය

මොහුගේ උපන් නාමය වන්නේ කිම් යං-සන් ය. ඔහු සොංදොක්ගේ දියණිය වූ සසෝ ආර්යාවගේ පාර්ශ්වයෙන් හේචන් කිම් හ්යෝ-බංගෙන් සහ නේමුල් රජුගෙන් පැවත එන එකොළොස්වන පරපුරේ සාමාජිකයෙකි. ඔහු ගක්ගන් කිම් යං-පුම්ගේ දියණිය වූ ගුකොක් ආර්යාව සමඟ විවාහ විය.

සොන්දොක් හ්යේගොං රජු යටතේ සංදේදූං ධුරයෙහි සේවය කොට තිබේ.

780 දී, ඉචන් කිම් ජි-ජොං විසින් හ්යේගොං ‍රජුට එරෙහිව කැරැල්ලක් දියත් කළේ ය. මේ නිසා රජු එකල සංදේදූං කිම් ‍යං-සං (පසුකාලීනව, සොන්දොක් රජු වූ) හට මෙම කැරැල්ල මර්දනය කිරීමට නියෝග කළේ ය. කෙසේනමුත්, කැරැලි හමුදා සාර්ථකව මාලිගය තුළට කඩාවැදී හ්යේගොං ‍රජ සහ බිසව ඝාතනය කළහ. අනතුරුව කිම් යං-සන් සිල්ලාවේ නව පාලකයා ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. ඇතැම් ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ හ්යේගොං ‍රජුව ඝාතනය කරන්නට ඇත්තේ සොන්දොක් රජු විසින්ම වන්නට ඇති බවයි.

785 දී සිදුවූ සොන්දොක්ගේ මරණින් පසුව, ඔහුව ආදාහනය කොට ඔහුගේ භෂ්මාවශේෂ ජපන් මුහුදෙහි (නැගෙනහිර මුහුද) පා කර හරින ලදී. සොන්දොක්ගේ අනුප්‍රාප්තිකයා වූයේ වොන්සොං රජු ය.

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.