![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/43/Peace_dove.svg/langsi-640px-Peace_dove.svg.png&w=640&q=50)
සාමය
From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, සාමය (බහුරුත්හරණය) බලන්න.
සාමය යනු සහජීවනය පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි. ප්රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/43/Peace_dove.svg/640px-Peace_dove.svg.png)
සාමාන්‍ය වශයෙන් සැලකූ කල යම් අයෙකු වෙනත් පරිසර වලට සාපේක්ෂව සාමකාමී ලෙස හඳුන්වන නිසල, ශාන්ත, හා සන්සුන් පරිසරයක් ඇසුරෙහි පවතින්නේ නම් ඔහුට හෝ ඇයට සාමය ලඟා විය හැකිය. ඉහත ආකාරයේ සාමයක් යම් අයෙකුට ලඟා කර ගත හැක්කේ ස්වෝත්සාහයෙන් තම ඇතුලාන්ත චරිතය "සාමලැදි" බවට පත්කොට ගෙන ස්වකීය අභ්‍යන්තරයෙහි සන්සුන් බව, ශාන්ත බව හා සමතුලිතතාවය පවත්වාගෙන යෑමෙනි.