ස්වාභාවික දර්ශනය
From Wikipedia, the free encyclopedia
ස්වාභාවික දර්ශනය හෝ ස්වභාවධර්මය පිළිබඳ දර්ශනය (ලතින් බසින් ෆිලෝසොෆියා නැචුරාලිස්), නූතන විද්‍යාවට පෙර පැවති ස්වභාවධර්මය හා භෞතික ලෝකය පිළිබඳ අධ්‍යයනය හැඳින්වීම සඳහා යොදා ගනී. එය භෞතික විද්‍යාව වැනි ස්වභාවික විද්‍යාවන්හි පුරෝගාමියා ලෙස සැලකේ.
විද්‍යාවේ විවිධ ආකාර ඓතිහාසිකව වර්ධනය වූයේ දර්ශනයෙන් හෝ වඩාත් නිවැරදිව පවසනවානම් ස්වාභාවික දර්ශනයෙනි. පුරාණ විශ්ව විද්‍යාල තුල සංස්ථාපිත ස්වාභාවික දර්ශනය පිළිබඳ පදවි මේ කාලයේ හොබවනු ලබන්නේ ප්‍රධාන වශයෙන් භෞතික විද්‍යා මහාචාර්යවරුන් මගිනි. විද්‍යාව හා විද්‍යාඥයින් පිළිබඳ සංකල්පනාව විහිදී යන්නේ දහනමවන සියවස දක්වා පමණි (වෙබ්ස්ටර්ගේ නමවැනි විද්‍යාලයීය ශබ්දකෝෂය "විද්‍යාඥයා" වදනේ මූලාරම්භය 1834 ලෙස දක්වයි). ඊට පෙර "විද්‍යාව" යන වදන හුදෙක් දැනුම යන අර්ථය සඳහා භාවිතා කෙරුණු අතර විද්‍යාඥයා යනුවෙන් වදනක් භාවිතයේ නොතිබිණි. 1687 එළි දක්වන ලද අයිසැක් නිව්ටන්ගේ විද්‍යාත්මක ග්‍රන්ථය හැඳින්වූයේ ස්වාභාවික දර්ශනයේ ගණිතමය මූලධර්ම (The Mathematical Principles of Natural Philosophy) යනුවෙනි.