සංගෘහිත පරිපථ
From Wikipedia, the free encyclopedia
ඉලෙක්ට්‍රොනික් පරිපථයක් හොඩනැගීමේදී අත්‍යවශ්‍යයෙන්ම උවමනා වන තවත් එක් උපාංගයක් තමයි මේ සංගෘහිත පරිපථයක් (Integrated Circuit) හෙවත් අයි.සී එකක් ලෙස කෙටි යෙදුමෙන් හදුන්වන්නේ.සැබවින්ම පරිපථයක් තුළ තිබෙන තවත් එක් කුඩා පරිපථයක් ලෙස මෙම උපාංගය සම්බන්ධයෙන් සරලව විස්තර කළ හැකියි. මීට කලින් විස්තර කළ රෙසිස්ටර්, කැපෑසිටර්, ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ වැනි උපාංගයන්ගෙන් සැදුම්ලත් යම් නිශ්චිත ක්‍රියාවක් වෙනුවෙන්ම නිපදවුන පරිපථ විශේෂයකුයි සංගෘහිත පරිපථ ලෙස හැදින්වෙන්නේ.පහත රූප සටහන මගින් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඇම්ප්ලිෆයර් පරිපථයන්හි බල වර්ධකයක් ලෙස යොදාගන්නා STK 4191 II නැමැති අයි.සී. එකේ අභ්‍යන්තරයයි.