"විකිපීඩියා:සංස්කරණ මාර්ගෝපදේශන" මෙතැනට යළියොමුවෙයි. මෙම ප්රතිපත්තියෙහි කොටසක් නොවන සංස්කරණ මාර්ගෝපදේශන සඳහා, ප්‍රවර්ගය:විකිපීඩියා සංස්කරණ මාර්ගෝපදේශන බලන්න.
විකිපීඩියාව යනු, සංස්කාරකවරුන්ගේ දායකත්වයන් දහස් ගණනකගේ නිපැයුමක් වන්නේ, එක් එක් දායකත්වය විසින්, මේවා පිළිබඳ විවිධ රසයන් එයට එක් කරමිනි: පර්යේෂණ නිපුණතා, තාක්ෂණික දක්ෂතාවය, ලිවීමේ ශූරභාවය හෝ තොරතුරු කැබිලිති මෙන්ම ඉතා වැදගත් ලෙසින්, උදවු කිරීමට ඇති කැමැත්ත. හොඳම ලිපි පවා, සම්පූර්ණ යැයි නොසැලකිය යුතු වන්නේ, ඒවායේ අන්තර්ගයන් වැඩි දියුණු කිරීම සඳහා නව විදර්ශනාවන් එක් එක් නව සංස්කාරකයා විසින් ඉදිරිපත් කිරීමට අවකාශ පවතින හෙයිනි.
|
මෙම පිටුව ප්‍රලේඛනය කරනුයේ ඉංග්‍රීසි විකිපීඩියාවෙන් අපත්‍යීකරණය කල සිංහල විකිපීඩියා ප්රතිපත්තීන් වන අතර, එය ඉංග්‍රීසි විකිපීඩියාවේ පුළුල් ලෙසින් පිළිගත් සම්මතයක් බැවින්ද සිංහල විකිපීඩියාවේ මීට වෙනස් සම්මුතියක් ජනිත වන තෙක් සිංහල විකිපීඩියාවේද එලෙසින් සම්මතය ලෙසින් අපත්‍යීකරණය කරන ලද බැවින්ද සමස්ත සංස්කාරක වරුන් විසින් සාමාන්‍ය වශයෙන් පිළිපැදිය යුතුය. එයට කෙරෙන වෙනස් කම් සම්මුතියක් ප්‍රකාරයෙන්ම සිදුවිය යුතු අතර අත්තනෝමතික ලෙසින් සිදු නොවිය යුතුමය. |
|
| මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්: ඔබට හැකි සෑම තැනකදීම පිටු දියුණු කරන අතර, ඒවාට අඩුපාඩුකම් ඇති බවක් උරුම කර දීම පිළිබඳ කණස්සල්ලට පත් නොවන්න. ඔවුන් විසින් "ඒවා නුසුදුසු පරිදී කර තිබුනත්", අනෙකුන් එක් කල සාරධර්ම පවත්වා ගෙන යන්න ( ඒවා මකාදැමුම කරනවා වෙනුවට ඒවා නිවැරදි මගට යොමු කිරීමට උත්සාහ කරන්න). |